IMG-LOGO

‘පාර්සල් සිද්ධිය‘ වරප්‍රසාද කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා  සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පාර්ලිමේන්තු සංකීර්ණයට  බලාත්කාරයෙන් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්  පැවැත්වීම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පවරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

කෙසේ වෙතත් 3වැනිදා පැවැත්විමට  නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර  අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයට  සැකකටයුතු පාර්සලයක්  මෙසේ ගෙනැවිත් ඇතැයි පැවසෙන්නේ පසුගිය 24 වැනිදාය.

මේ සම්බන්ධයෙන්  විධිමත් පරීක්ෂණයක්  වහාම  පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි සභානායක දිනේෂ් ගුණවර්ධන, සහ  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු  යන මහත්වරුන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ  මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් මැතිසබයේදී  පසුගිය 25 වැනිදා ඉල්ලීමක් කළහ.

ඒ අවස්ථාවේදී කතානායකවරයා පැවසූවේ  එම සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන බවයි.

එහෙත් පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එලෙස පැමිණිලි කිරීමේ  හැකියාවක් පවතින  නීතිමය තත්වය  යටතේ නොමැති බව  පාර්ලිමේන්තු නිලධාරීන් කතානායකවරයාට පෙන්වාදී ඇත. සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීම වරප්‍රසාද කමිටුවට පැවරීමට කතානායක වරයා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.

විදුලිය කපා හැරීමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් විදුලි පන්දම් දල්වමින් (ටෝච්) පාර්ලිමේන්තු සභා ගර්භයේ  පසුගිය 24 වැනිදා  උද්ඝෝෂණයක් පැවැත්වූහ. මෙම සැකකටයුතු පාර්සලය  පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙනැවිත් ඇතැයි පැවසෙන්නේ එම දිනයේදීය.



අදහස් (0)

‘පාර්සල් සිද්ධිය‘ වරප්‍රසාද කමිටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site