IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පරිසර ඇමති හොංකොං සමුළුවට

(අංජුල මහික වීරරත්න)

පරිසර ආරක්ෂණ සමුළුවට (Eco Expo Asia 2025) සහභාගි වීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා හොංකොං බලා අද(27)පිටත්ව ගියේය.

කාබන් අවම කිරීම සඳහා හරිත නිෂ්පාදන (Green Innovations for Carbon Neutrality) යන තේමාව යටතේ පැවැත්වෙන Eco Expo Asia සමුළුව  සඳහා රටවල් සහ කලාප 12 කින් ප්‍රදර්ශකයින් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

ලංකාවේ  හරිත නිෂ්පාදන සහ කාබන් අවම කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා  මෙම සමුළුව ආමන්ත්‍රණය කිරීමට නියමිත වන අතර චක්‍රීය ආර්ථිකය සහ අපද්‍රව්‍ය කළමනාකරණය, හරිත සහ ස්මාර්ට් සංචලතාව සහ ESG-සම්බන්ධ සේවා (ESG-related Services) යන ක්ෂේත්‍ර තුන ඔස්සේ පරිසර සංරක්ෂණය සඳහා විවිධ විසඳුම් ඉදිරිපත් කරමින්, හරිත ව්‍යාපාර අවස්ථා සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම මෙම පාරිසරික ආරක්ෂණ සමුළුවෙන් අපේක්ෂා කෙරේ.



අදහස් (3)

පරිසර ඇමති හොංකොං සමුළුවට

මාලිමා පචයා Monday, 27 October 2025 05:08 PM

මක්කා දොඩලා එයිද දන්නේ නෑ

:       0       0

Nimal-Kegalle Tuesday, 28 October 2025 08:57 AM

මොන පරිසර ආරක්ෂණ සමුළුද මේ වැඩ බැරි පටබැඳි එක්ක. පරිසර ආරක්ෂණය කියන නමේ තේරුමවත් දන්නෙ නැති නිකමා...

:       0       2

Gimhani Tuesday, 28 October 2025 11:17 AM

මේ පචයා ලංකාවේ අලි මරණ හැටිද සමුළුවට ගිහින් කතා කරන්නෙ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1911 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1522 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site