(අංජුල මහික වීරරත්න)
ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇති අතර එම දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් අතිබහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා සමඟ වැඩ කළ යුතු බවයැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම ‘අලියාගේ පිටේ’ නැගීමක් නොවන බවත් එලෙස සහය පළ කිරීම පොහොට්ටුව හැර යාමක් නොවන බවත් අමාත්‍යවරයා කීය.
ඉදිරි දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා තමා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ රහස් ඡන්දයක් පැවැත්වූයේ පොහොට්ටුව හැර යාමට නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
හෘදය සාක්ෂියට එකඟව හැමවිටම නිවැරැදි දේශපාලන තීන්දු ගත් තමන් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට කිසිවිටෙකත් නොපැකිලෙන බවත් තමන් පිළිබඳ මෙතෙක් විශ්වාසය තැබූ ජනතාව කිසිසේත් පාවා නොදෙන බවත් ප්‍රසන්න රණතුංග මහතා කීය.
විදෙස් සංචාරයකින් පසු දිවයිනට පැමිණ ප්‍රකාශයක් කරමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීය.
ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇඳ ඔහු ගෙන යන වැඩපිළිවෙලට සහාය පළ කළ යුතු බව මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ ස්ථාවරය බවද ප්‍රසන්න රණතුංග මහතා කීය.
එය පොහොට්ටුව අතහැර යාමක්ද නොව පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි හා ගත යුතු හොඳම තීරණය බවද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
ගම්පහ ජනතාව පාවා දීමට සූදානම් නැති අතර තමා කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසය අබමල් රේණුවකින් හෝ බිඳ දැමීමටද සූදානම් නැතැයිද කියන අමාත්‍යවරයා කෙසේ වෙතත් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී නොපැකිලව අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට සුදානම් බවද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂෙ මාරු කරත් කවුරුත් පුදුම වෙන්නෙ නෑ. ආයෙ ඕකෙ පුදුම වෙන්න කරන දෙයක්යැ. මල්ල පිරිරෙන්නනම් නඩු වලිනුත් බේරෙන්න නම් උත්තරේ ඕක තමා.
රටම වනසාපු තවත් කෙනෙක්. ඊළඟ ඡන්දෙදි ගම්පහ ජනතාව නිසි පිළිතුරු දෙයි.
අලියගේ නැට්ටෙ එල්ලෙන්නේ නැතිව කොහොමද දිව්‍ය ලෝකේ යන්නෙ
හැම වැඩේම කරනකොට ඔය කට්ටියගෙන්මද අහන්නෙ.?
අලියගේ පිටේ නගින්ඩ ඕනේ නැහැ .දැනටමත් ඉන්නේ නැට්ටේ එල්ලිලා .ජාමේ බේරගන්ඩ රනිල්ව පත්කරගත්තු පොහොට්ටු කාරයෝ ගැන කවර කතාද ?
ඔක්කොම එකම රැලේ, අපේ මිනිස්සු පව්.
ඔය මොන තීන්දු ගත්තත් අපි නම් රැවටෙන්නේ නෑ ආපහු.
මොන තීන්දු ගත්තත් ඊලග චන්දෙදි ගෙදර.
මම නිකම් හිටියෙ බං.. කිව්ව නිසයි යන්නේ මං... නැත්නම් එහෙ යන්නේම නෑ මං.
මොහු දන්නවා මේ වෙලාවේ රනිල් එක්ක හැප්පෙන්න ගියොත් මෙයාට ඉක්මනටම හිරේ යන්න වෙන බව.
ගම්පහ බස්නාහිර පළාතෙන් වෙන්කළොත් නරකද?