
(යොහාන් භාසුර)
ත්‍රිවිධ හමුදාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති ඉන්ධන ලබාගැනීමේ ‘ටෝකන්’ පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයට දැඩි විරෝධය පළකරන බවත් මෙම ‘ටෝකන්’ ක්‍රමය ඉතාමත් අසාර්ථක ක්‍රමයක් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (27) පස්වරුවේ පැවසීය.
මෙම ‘ටෝකන්’ සැබෑ ඉන්ධන අවශ්‍යතාව ඇති ජනතාවට නොලැබෙන බව කී නාඔටුන්න මහතා පෝලිම්වල කාලය ගතකර ඉන්ධන ලබාගැනීමට පුරුද්දක් කරගත් පිරිසකට පමණක් ලැබෙන අවස්ථාවක් බව ද සඳහන් කළේය.
පෝලිම්වල ඉන්න පුද්ගලයන්ට කිසිඳු ක්‍රමවේදයකින් තොරව ‘ටෝකන්’ පතක් දුන් පසුව ඔවුන්ට තවත් පිරවුම්හලකට ගොස් ‘ටෝකන්’ පතක් ලබාගැනීමේ හැකියාව ඇති බවත් ඉන්ධන පිරවුම්හල්වල අනසක පතුවාගෙන සිටින මැර කණ්ඩායම් එම ‘ටෝකන්’ ලබාගනු ඇති බවත් කපිල නාඔටුන්න මහතා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: හිමත් මතීෂ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත. වැදගත් අහිංසක සාමාන්‍ය ජනතාවට දවස් ගණන් පෝලිම්වල ඉන්න බෑනේ. ටෝකන් ගන්නේ වැඩි හරියක් නොහික්මුණු සහ අශීලාචාර මිනිසුන්. මේ ප්‍රශ්නය එයාලට ව්‍යාපාරයක් වෙලා. දෙන ටෝකන් එක තෙල් ගහපුවාම ගත්තා නම් හරි. කොහොමත් කරන්න බෑ නරක මිනිසුන් එක්ක....!
එහෙනම් ඔබතුමන්ලා කෙරෙන විදිහක් පෙන්නන්නකෝ... නිකන් බයිලා තමයි... සති දෙකකට ඉන්ධන නැහැ. ටෝකන් එක තියාගෙන මොනවා කරන්නද?
NPG අධිපතිතුමාගේ අදහස ඉතාමත් නිවැරදියි.. මොකද හැමදාම, හැමතැනම ඉන්ධන ගන්න පෝලිමේ ඉන්නේ එකම පිරිසක් කියලා හිතෙනවා. ඔවුන් ටෝකන් අරගෙන ඉන්ධන ගැනීම ජයට කරාවි. ඒ ක්‍රමය නතර කරලා ගම් මට්ටමෙන් සමීක්ෂණයක් කරලා ටෝකන් නිකුත් කරන්න. ඒ සඳහා වාහන ලියාපදිංචි සහතිකය මත තහවුරු කරගන්න. වාර්ෂික ආදායම් බලපත්‍රය තිබේද බලන්න. මොකද වර්ෂ ගණනක් පාවිච්චියට නොගන්නා වාහන සඳහා ඉන්ධන ටෝකන් ගන්න ඉඩ තියෙනවා.
මෙ ක්‍රමයේ වැරදි ඇතිබව ක්‍රමය යෝජනා කරකොටම අපිට තේරුනා. එකා ෂෙඩ් 4-5 ටගොස් ටෝකන් ගත්තාම මොකද වෙන්නේ. හැඳුනුම්පත බලා ෂෙඩ්එක අවට පදේශයේ මිනිසුන්ට ටෝකන් නිකුත් කරන්න. නිකුත් කල පසු ෆොටෝඑක ගෙන ID අංකයට සේව්කර ගන්න.