මැලේසියාවේ සංචාරයෙන් පසු චෙන්නායි ගුවන්තොටුපොළට පැමිණ සිය මෝටර් රථයට ගොඩවීමට උත්සාහ ගනිද්දී සුපිරි නළු තලපති විජේ පය පැටලී ඇද වැටුණි.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කළ විජේ, දේශපාලනයට පිවිස සිටින්නේ ‘ටී.වී.කේ.’ පක්ෂයෙනි. එම පක්ෂයේ නිර්මාතෘ වන්නේ ද විජේ ය. ඔහු මේවනවිට තමිල්නාඩුවේ තෙවැනි බලවේගය බවට පත් වී සිටී.

විජේ, මැලේසියාවට ගියේ සිය ‘ජන නායගම්’ දේශපාලන රැස්වීම් කීපයක් පැවැත්වීමටය. දස දහස් ගණනක් ඉන්දියානුවන්ගේ සහාය විජේට හිමිවිය.

ආපසු චෙන්නායි ගුවන්තොටුපොළට පැමිණි විජේ පිළිගැනීමට තමිල්නාඩු වැසියෝ පොරකන්න පටන් ගත්හ. එම පිරිස අතරේ මාධ්‍යවේදීහු ද සිටියහ.

ආරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්, පොරකන්න වූ පිරිස අතරින්, මෝටර් රථයට ගමන් කරමින් සිටිද්දී විජේ මෙලෙස ඇද වැටුණි. එම දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත.