
(අංජුල මහික වීරරත්න)
ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුමට අදාළ (BBNJ) සාමාජිකත්වයට, රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් සංවිධානය කළ උත්සවයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් නිව්යෝර්ක් නුවරදී මෙම උත්සවය පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උත්සවයට සහභාගී වූයේ මෙම ගිවිසුමට එළැඹි සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි.
එම ගිවිසුමට එළැඹි 58 වන සාමාජික රට ලෙස, ශ්‍රී ලංකාව 2025 සැප්තැම්බර් 16 වන දින ඊට එළැඹුණු අතර, එමඟින් එම සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් බවට පත් විය.
දශක දෙකක සාකච්ඡා වලින් පසු, ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම (BBNJ) ලෙස හැඳින්වෙන මෙම ගිවිසුමට මේ වන විට රටවල් 60ක් අත්සන් තබා ඇත.
ලෝකයේ සාගර වලින් 2/3ක් ආවරණය කරන මෙම ගිවිසුමෙන්, සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශ වලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ. එම ගිවිසුම 2026 ජනවාරි 17 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත වේ.

2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රංශය ඇමරිකාවේ පැවැත් වූ උත්සවයකට ජනපතිත් යයි
Prabath Saturday, 27 September 2025 12:00 PM
මාර පිම්බීමක්නේ ඒක...
ගුණරත්න Saturday, 27 September 2025 12:02 PM
මරී අන්තුවානෙත් කියන්නේ ඉස්සර හිටි ප්‍රංශ රැජිනක්, බදු බරෙන් පීඩිත වෙලා කන්න නැතිව මිනිස්සු උද්ගෝෂණය කරනකොට රැජිණිය කියුවා පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා. ඔය පාන් කතාව ඇමති කෙනෙකුත් කියුවා නේද කියල මතක් වුණා. අපිට පාන්ද? කළිඳුට පාන්ද?
Upali Saturday, 27 September 2025 04:42 PM
දෙන්නාගේම එක සමාන කමක් තියෙනවා. කාටද කියන්න පුළුවන්...? වයස කියන්නේ ඉලක්කමක් විතරයි බන්...