
(අමදෝරු අමරජිව)
නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ ඉංග්‍රිසි ගුරුවරු බඳවාගැනිම සදහා පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින් පැවැත්වූ ඉංග්‍රිසි ගුරු විභාගයේ ප්‍රශ්න පත්‍ර, විභාගයට කලින් පිටවිමේ සිද්ධිය විමර්ශනය කිරිමට නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පි.වනිගසිංහ මහතා විසින් පංච පුද්ගල විමර්ශන කමිටුවක් පත්කරනු ලැබ තිබේ.
මෙම විමර්ශන කමිටුවේ සභාපති ලෙස ආණ්‍ඩුකාර ලේකම් එල්.පි.මදනායක මහතා පත්කරනු ලැබ ඇත.
කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කලාමදි පත්මරාජා මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් - (පරිපාලන) එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායක නියෝජ්‍ය ලේකම් - (මුදල්) අයි.එම්.හුසේන් , පළාත් අභ්‍යන්තර විගණක එච්.එම්.එම්.රසීඩ් යන අයවලුන්ය.
විමර්ශන වාර්තා මාසයක් ඇතුළත ලබාදිය යුතු බව ප්‍රධාන ලේකම්වරයා පංච පුද්ගල විමර්ශන කමිටුවට දැනුම් දි තිබේ. මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පැවසුවේ මෙම කමිටුව ලබන සතියේ පළමු වරට රැස්වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd