
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මම දැක්කා ගෑස් සමාගමක එක සභාපතිවරයෙක් වංචා හා දූෂණ ගැන කථා කරනවා.හැබැයි ගෑස් ප්‍රශ්න එනකොට හැංගිලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ තනතුරුවලට ඒගොල්ලො පත්කර තියෙන්නෙ වගකීමෙන් ප්‍රශ්නවලට මුහුණ දීලා වැඩ කරන්න යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ තනතුරු දීලා තියෙන්නෙ හැංගිලා ඉන්න නෙවෙයි.ප්‍රශ්න නැති වෙලාවල්වල වීරයෝ වෙන්න එක එක ප්‍රකාශ දෙන්න නෙවෙයි. ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දීලා විසැදුම් දෙන එකයි කරන්න ඕනේ. ආණ්ඩුවත් හා ජනතාවත් අපහසුතාවයට පත් කරන්න හොඳ නෑ.
තනතුරු ලැබුණාම රජය අපහසුතාවයට පත්කරනේ නැතිව ඒවා විසඳන්න නැතැනම් ඒ හැම දේකින්ම ජනාධිපතිතුමා හා ආණ්ඩුව අපහසුතාවයට පත් වෙනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල මහතා කියනවා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම වැරදියි කියල. දේශපාලන අර්බුද තියෙනවලු. අර්බුද වෙලාවෙ පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න එපාලු. මම අහනවා මොනවද තියෙන දේශපාලන අර්බුද.
1947 සිට මේ දක්වා 50 වාරයක් පමණ පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තියෙනවා.
මේක අළුත් දෙයක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයගෙ පියාණෝත් පාර්ලිමේන්තුව වාර අවසාන කලා දෝෂාභියෝගය වෙලාවෙ. වහලා පුටුවල ඌරු තෙල් ගෑවා.
අනික අපි පාර්ලිමේන්තුව 2022 ජනවාරී 11 රැස්වෙන්න හිටියේ. දවස් 06ක් ඉවසන්න බැරිද. කොවිඩ් කාලේ කිසිම උදව්වක් නොකළ ලෝකෙ එකම විපක්ෂය. චන්ද්‍රිකා මහත්මිය,ප්‍රේමදාස මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තය,ජේ ආර්.ජයවර්ධන මහත්මය මේ හැමෝම වාර අවසන් කළා. මේක මේ අලුත් දෙයක් නෙවෙයි.
ඩොලර් අර්බුදයක් තියෙනවා හැබැයි අපි ජනතාව අපහසුතාවයට පත් කරන්නෙ නෑ කියල වගකීමෙන් කියනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මිලියන 285 ක් වැය කර ඉදිකිරීමට නියමිත කොළඹ - හොරණ මාර්ගයේ බෝකුන්දර 9/2 පාලම සංවර්ධනය කිරීම සහ මංතීරු හතරකින් සංවර්ධනය කිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
වේරැස්ගඟ ගඟ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ හොරණ මාර්ගයේ 9/2 පාලම සංවර්ධනය කර බොරලස්ගමුව ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින ගංවතුර තර්ජනයට පිළියමක් ලෙස මෙම පාලම ඉදි කෙරෙනු ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කවුරුත් හැංගෙන්න තැන් හොයාගන්න.
එතකොට ජනතාව අපහසුතාවයට පත්වෙලා ඉන්නේ.. ඔයාලා හින්දා නෙවෙයිද? සර් ෆේල්...
නඩු එනකොට සිංගප්පූරු ගියා වගේ නේද මහත්තයෝ...?
ගෝඨාභය මේ තනතුරුවලට ඒ ගොල්ලො පත්කර තියෙන්නේ... නොහැකියාව නිසා තමයි ඉතින් ඒ අය හොරාකන්න හපන්නු.. මේ අයත් හපන්නු...
ඒ ගොල්ලො හැංගිලා ඉන්න හේතුව දන්නෙම නැද්ද? එළියට ආවොත් සුදු ඇදගෙන බොහොම උජාරුවට ගමන් කරන අයගේ හෙලුව පේනවා..ඒ හින්දා ඒ ගොල්ලො හැංගිලා ඉන්න තරමට ඔයාලගෙ පැවැත්මට හොදයි.
අපි, පිටරට ඇවිත් පාරවල් හදනවා ... මේවගේ විගඩම් නැහැ. බෝක්කුවක් හදන්නත් උත්සව.. මහජන ධනය නාස්ති කිරීම්...
ප්‍රශ්නයක් එනකොට පුටුවක් උස්සගෙන මැද්දට පනින්න ඕනේ..
මේ රටේ සාමාන්‍ය මනුස්සයෙක් කන්න නැතිව පාන් ගෙඩියක් හොරකම් කරත්, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන එකේ තැනතැන ගෑස් සිලින්ඩර පුපුරා ගොස් රටේ අම්මලා මැරුණත් එක ලොක්කෙකුට හරි දඬුවමක් ලැබෙන පාටක් නෑ. වන්දි ගැන කථාත් නෑ. ඇමැතිලා එහෙන් මෙහෙන් සිනාමුසු මුහුණින් ෂේප් කථා දැම්මත් බරපතල හැඟීමක් නැත්තේ කොමිස් කුට්ටි නිසාද කියා අතීතය ආවර්ජනය කිරීමේදී ඕන කෙනෙකුට හිතෙන්න ඉඩ තියනවා. 69 ලක්ෂයට තව බිමට නැමී ආවඩන්න වෙයි. ඒ තරම් සැපයි...
කට්ටිය එකට තිර රචනය කරලා දැන් වෙන ටෝක් දානවා. ඔය කථා ඇති දැන් පිච්චුනු අයට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න.