(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේ පාර්ලිමේන්තුව නොව මැතිවරණ කොමිෂන් සභාව බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මැතිවරණ සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම කරනු ලබන්නේ මැතිවරණ කොමිසම හෙයින් ඔවුනට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි බවද කතානායකවරයා කීවේය.
එසේම රටේ ඕනෑම පුරවැසියෙකුට ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රීවරුන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව පවතින බව පැවසූ අබේවර්ධන මහතා මීට පෙර එවැනි ආකාරයේ අභියෝගයට ලක් කිරීම් සිදු වූ බවද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි තමන්ට දැනගන්නට ඇති බව පැවසූ කතානායකවරයා ඒ හැර තවත් මන්ත්‍රීවරුන් සිටී දැයි තමා නොදන්නා බවද සඳහන් කළේය.
ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නීති ප්‍රකාරව ක්‍රියා කරනවා විනා තමාට කිසිවක් කළ නොහැකි බවද හෙතෙම පැවසුවේය.
පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය නීති සකස් කිරීම බවත් එම නීති ක්‍රියාත්මක කිරීම අදාල ආයතනවලට පැවරෙන වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
’’ පුරවැසි ගැටළුව පාර්ලිමේන්තුවට අයිති නෑ’’
ruwan Monday, 24 October 2022 08:31 PM
පොහොට්ටුවට කඩේ යන්නැතුව ඉන්න...
Harris Tuesday, 25 October 2022 01:22 AM
අරගල ගැටලු පාර්ලිමේන්නුවට අයිතිද?
Rexi Tuesday, 25 October 2022 08:36 AM
තමන්ගේ පාලනය යටතේ තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න අය ගැන දන්නේ නැත්නම් කොහොමද පාලනයක් කරන්නේ.
janahitha Tuesday, 25 October 2022 09:13 AM
දේශපාලකයන්ට අවශ්‍ය පරිදි නීති සම්පාදනය.? මේකට උගත් පිරිසක් පොහොට්ටුවේ ඉන්නවද.?
fairoos Tuesday, 25 October 2022 12:34 PM
මෙයා තමයි කතානායක විටිනාකම බින්දුවටම බස්සපු එක්කෙනා.
sam Tuesday, 25 October 2022 12:51 PM
මේ මුකුත්ම දන්නැති කපටියා.
Hafeel Tuesday, 25 October 2022 02:11 PM
මෙයා කියන්නේ මේක මෙයාට අයිති වැඩක් නැහැ කියල. මෙහම තමයි හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍ර්යත් කිව්වෙත්. එහම නම්, කුමන ආයතනයද මේ නීතිය ක්‍රයාත්මක කලයුත්තේ? මොන බම්බුවටද මෙහම නීති සම්පාදනය කරන්නේ?
Athula Wednesday, 26 October 2022 03:37 PM
මේ වගේ අපතයෙක් කරුමෙට පත් වුණේ මෙයා කියන විදිහට ලෝකයේ ඕනෑම කෙනෙකුට පුළුවන් පාර්ලිමේන්තු එන්න. මොවුන්ද ඉතින් රට ගොඩගන්නකම් බලන් ඉන්නේ...?