(සුජිත් හේවාජුලිගේ )
රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලටද දැඩි බාධා එල්ලවී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩොලර් ගැටළුව හේතුවෙන් රසායන ද්‍රව්‍ය ගෙන්වීමට බාධා මතුව ඇති බවයි.
එසේම විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් පුරාවිද්‍යා කැණීම් කටයුතු වලටද බාධා එල්ලවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසුවේ
රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන ඩොලර් වෙන්කිරීමට හැකියාව ඇත්තේ අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් බවයි.
මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
විවිධ වාර්තා පිළියෙල කිරීමටද කඩදාසි ගැටළුව හේතුවෙන් බාධා
මතුව ඇතැයි දැනගන්නට ඇත.
අතිකාල දීමනා ගැටළු හේතුවෙන් සේවකයන් විවිධ කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ ගැටළුද මතුව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපති මන්දිරයේ විනාශ වූ භාණ්ඩ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතුවලටද සේවක ප්‍රශ්නය හේතුවෙන් බාධා මතුව ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුරාවිද්‍යා කටයුතුවලටත් බාධා