(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා සෑම ක්ෂේත්රයකම ප්‍රවීණයන්ගෙන් යුත් සෙනට් සභාවක් පිහිටවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවැසීයැයි අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමියෝ පැවැසූහ.
රට පාලනය කරන පිරිස බුද්ධිමත් දුරදිග පෙනෙන පිරිසක් විය යුතු බව කී මහ නාහිමියෝ අග්‍රාමාත්‍යවරයා සතු ඉවසිලිවන්ත බවට තමන් වහන්සේ සුවිශේෂී ප්රසංශාවක් පළ කළ බවද කීහ.
ගල්කිස්ස ධර්මපාලාරාමයට අද (03) පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් බැහැදැක පැයකට ආසන්න කාලයක් කතාබහක නිරත විය.
මහා නාහිමියන් බැහැදැක පිටව යාමේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ රටේ සාමය රැකීම සහ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳව මහා නාහිමියෝ උපදෙස් ලබා දුන් බවයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ අර හාදයාට හොඳ විහිළුවක්නේ කරලා තිබෙන්නේ මිනිහා දැන් හිතයි මටත් බැහැනේ සෙනෙට් එකට ඇතුල් වෙන්න කියලා. එජාපෙ කොහින්ද පරිනතයෝ...
යෝජනාව හොඳ වුනත් එක ප්‍රායෝගික වෙන්නේ නැහැ හාමුදුරුවනේ! සෙනෙට් එකකට වුනත් මේ දේශපාලුවෝ පත් කර ගන්නේ හම්පඩ ටෙලි නිලියන්, ජීනා මැඩම් ලා, පාතාල කාරයන්, මිනි මරුවන්, වගේ පිරිසක් නේ! රට, දැය, සාමය නගා සිටුවන්න ඒ වගේ අයගේ සහාය නැතුව අපේ දේශපාලුවන්ට බැහැ. ඔක්කොටොම වඩා හොඳයි, පළමුවෙන්ම මේ රට, දේශපාලුවන්ගෙන් නිදහස් කර ගන්න එක. ඊට පස්සේ අපි මේක පිට රටකට විකුනලා දාන්නවත් බලමු.
අවසරයි අපේ හාමුදුරුවනේ, අපේ ඔය ප්‍රවීණයෝ පාර්ලිමේන්තුවේ දැනටත් ඉන්නවනේ ආචාර්ය වරු මහාචාර්ය වරු වගේ ඒ ගොල්ලන්ගේ කෙරුවාවලුත් ඔය ස්වාධින කියන කොමිසම් වලට පත්වෙලා ඉන්න ප්රවීණයන්ගේනුත් අපි දැන් පාඩම් ඉගෙනගෙන ඉන්නේ.
අවසරයි හාමුදුරුවනේ, ඕකට නම් එකඟ වෙන්න බැහැ. ඕකටත් තම තමන්ගේ හිතවතුන් ටික හෝ ඡන්දෙන් පරාද වුණ අය පත්කරගනියි ජාතික ලැයිස්තුව වගේ. අන්තිමේදී රටේ ජනතාවට වෙන්නේ ඒ වියදමටත් කරගහන්න.
අවසරයි අපේ හාමුදුරුවනේ , ඔබවහන්සේගේ වැදගත් අදහස් වලට අප ගරු කරන්නෙමු. අවාසනාවකට දැනට සිටින " දේශපාලුවන් " වැඩි දෙනෙකු තමන් උපන් මව්බිමට කිසිසේත්ම අවංක , අවංකව ආදරය නොකරන පිරිසකි. මේ අය තමන්ගේ බලය රැකගැනීමට අනිකුත් රටවල අවශ්‍යතාවයන්ට තීරණ ගන්නවා හැර අපගේ මාතෘභූමියේ දියුණුව, ආරක්ෂාව ගැන කිසිදු හැගීමක් නැති පිරිසක් බව කනගාටුවෙන් උවත් කිව යුතුය.
අඩුම තරෙමේ ඡන්දෙට කලින් ජාතික ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න බැරිද.
කාලෝචිත අදහසක් ගරුතර ස්වාමින්වහන්ස ඉදිරිපත්කරලා තියෙන්නේ. හැබැයි ඉතින් අර ඉන්න 225ම කුණු කුඩයට දමලා ඔය වැඩේ පටන්ගත්තොත් කිරි ගහට ඇන්නා හේ වැඩේ වෙයි. නැතිනම් වැඩේ නොකෙරෙන තැනට දාන්න ඔය 225 යටි කුට්ටු වැඩ කරයි.
නායක් හාමුදුරුවො පමනක් නොවෙයි යමක් කමක් තේරුම් ගන්න පුලුවන් දැනුමක් තියෙන විරුද්ධ පාක්ෂිකයොත් අගමැතිතුමාගේ ඉවසීම අගයකරනවා.
බලාගෙන, ඔය අස්සේ 20 ගෙනෙයි!!
අනේ ඔය තියන සභාටිකත් දැන් වැඩි වෙලා හාමුදුරුවනේ තියෙන්නේ... එ්කටත් ඉතින් බදු ගෙවන්න වෙන්නේ අපිටනේ, එ් නිසා එපා නේද, හාද?
අහවල් මහත්තයා ජනතාවගේ මුදල්වලින් අහවල් නෝනාට බොහොම වටිනා නිවාසයක් ප්රදානය කෙරුවලු නේද? කවුරු කවුරුත් කුලිය ගෙවන්නේ ජනතාවගේ මුදල් වලින්.
අපේ හාමුදුරුවන්ටත් හාදයාගේ පරිණත භාවය පෙනේවි අනික් සුළු ආගම් මේ සිංහල බෞද්ධ රටේ බුද්ධාගමට තිබෙන ස්ථානයට ගෙනාවාම. "මේ සිංහල අපගේ රටයි" කීවාම හිරේ දාන නීති ගෙනාවාම. අපේ හාමුදුරුවනේ උපත්තියෙන්ම බෞද්ධ කුඩාකල සිටම පන්සල් සෙවනේ හැදුන බෞද්ධයන් අතරෙත් බෞද්ධකම නැති මේ රටේ බෞද්ධකම ආගන්තුක බෞද්ධයින් ළඟ තිබේවිද? මොවුන්ගෙන් ආගම රැකේවිද?