රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ‘ලෙජන්ඩ්ස්’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ පිල සහ සචින් තෙන්ඩුල්කාර් මෙහෙයවන ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ පිල අතර අද (21) මුම්බායිහිදී පැවැත්වේ.
විදුලි අලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ පිල අවසන් පූර්ව තරගයේදී කඩුලු 8 කින් දකුණු අප්‍රිකානු ‘ලෙජන්ඩ්ස්’ පිල ද, ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ පිල අවසන් පූර්ව තරගයේදී ලකුණු 12 කින් බටහිර ඉන්දීය කොදෙව් ‘ලෙජන්ඩ්ස්’ පිල ද, පරාජය කළේය.
ශ්‍රී ලංකා සහ ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ කණ්ඩායම් මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග හයේදී තරගය බැගින් පරාජය වී තරග පහ බැගින් ජය ලබා තිබේ.
ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ පිලට සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, රංගන හේරත්, රොමේෂ් ක`ඵවිතාරණ, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු, උපුල් චන්දන, නුවන් කුලසේකර සහ උපුල් තරංග ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයෝ රැසක් ඇතුළත්ව සිටිති.
ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ පිලට සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවැග්, සුවරාජ් සිං, මොහොමඩ් කයිෆ්, ඉර්ෆාන් පතාන් සහ සහීර් ඛාන් ඇතු`ඵ ප්‍රවීණ ක්‍රීඩකයෝ රැසක් ක්‍රීඩා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd