(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න )

මේ රටේ කිසිම පුද්ගලයකුට පාර්ලිමේන්තුව හා සමාන මහජන සභාවක් හෝ වෙනයම් ආයතනයක් පිහිටුවීමට නීතියෙන් ඉඩක් නැතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද (19)  පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවැසූවේ  සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

පාර්ලිමේන්තුව හා සමාන මහජන සභාවක් පිහිටුවීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළවී ඇතැයිද  ඔහු සඳහන් කළේය.

එවැනි ආකාරයේ ආයතන පිහිටුවීමට පාර්ලිමේන්තුවට පවා නොහැකි බව පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරුන් පත් වන්නේ රටේ ජනතාවගේ අභිලාෂ අනුව බවද සඳහන් කළේය.

ජනතාවට මැතිවරණවලදී මහජන නියෝජිතයන් වෙනස් කර ගත හැකි බවද  ඔහු පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ  එම කාරණය වරප්‍රසාද කමිටුව හමුවට යොමු කරන බවයි.