(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයන් තවත් 14 දෙනකු අද (3) හඳුනාගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ පිරිස හඳුනාගෙන ඇත්තේ පාර්ලිමේන්තු සේවකයන් 65 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජන කළ අවස්ථාවේදීය. එම පරීක්ෂණය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ පැවැත්විණ.
කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයෝ 25 දෙනෙක් පසුගිය 31 වැනිදාද සොයා ගනු ලැබූහ. ඒ පිරිසේ පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයාද විය.
කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දොළොස් දෙනෙක්ද පසුගිය සති කිහිපයේදී කොවිඩ් රෝගයට ගොදුරු වූහ.
කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 47කි.
කොවිඩ් ආසාදිත කතානායකවරයා මේ වනවිට සුවය ලබා සිටින අතර ඔහුගේ නිරෝධායන කාලය ලබන සඳුදා අවසන්වීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහැර එනවා.. ඔය කස කාරයෝ... අලි ඇතුන් සහ නැටුන් කාරයෝ ඊළඟට... අන්තිමට නිලමෙලා ටික...