(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව හෙට(8) දිනයේද රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ එක්දින විවාදයක් හෙට පැවැත්වීමට නියමිතය.

බදාදා රජයේ නිවාඩුව අවලංගු කිරීමත් සමග මෙලෙස පාර්ලිමේන්තුව හෙට දිනයේත් රැස්වීමට තීරණය කෙරිණි.