(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක්  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හෙට  (13)  පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

එම උත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා  මෙම පෙරහුරුව පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.

පෙරහුරුව හේතුවෙන්  ප්‍රදේශයේ  ආරක්ෂක විධිවිධාන අද දිනයේ  දැඩි  කෙරෙන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින්  පැවසේ.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින්  ලබන 18 වැනිදා විවෘත කිරීමට  නියමිතය. 

ජනාධිපතිවරයා  මැතිසබයේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය(රාජාසන කතාව) ඉදිරිපත් කරමින් නව සැසිවාරය විවෘත  කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.