(තරිඳු ජයවර්ධන, තිළිණි ද සිල්වා සහ බිඟුන් මේනක ගමගේ)
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරිනු ලැබීමට එරෙහිව අධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් කැඳවීම හෙට උදෑසන 10 දක්වා කල් තැබීමට අධිකරණය අද නියෝග කළේය.
ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලමින් අද උදේ පෙත්සම් 12ක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර නීතිපතිවරයා පැමිණෙන තෙක් එම පෙත්සම් කැඳවීම අද සවස 2 දක්වා කල් තබා තිබිණි.
ඒ අනුව අද පස්වරු 2.10ට පමණ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඉදිරියේදී නඩුව යළි කැඳැවිණි. පෙත්සම් 12න් පෙත්සම් අටකට අදාලව කරුණු දැක්වීම අද පස්වරු 5.20 පමණ වන තෙක් සිදු කෙරිණි.
ඉන් පසු අදට පෙත්සම්වල කරුණු විමසීම නතර කරළ අතර යළිත් වරක් හෙට උදේ 10ට පෙත්සම් යළි කැඳවීමට අධිකරණය නියම කළේය.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දුන්නේය.
දෙමළ ජාතික සන්ධානය , එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , දෙමළ ප්‍රගතශීලි සන්ධානය ඇතුළු පක්ෂ ද පුරවැසියන් කිහිප දෙනෙක් ද මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබිණි.
නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙම පෙත්සම්වලින් වගඋත්තරකරුවන් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම විභාගය ගැනීමට අවසර දෙන ලෙසත්, පෙත්සම් විභාගය අවසන් වන තෙක් මැතිවරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරුවෝ ඉල්ලා සිටියහ.
පෙත්සම් විභාගය දැක බලා ගැනීමට මැති ඇමැතිවරු, නීතීඥවරු, මාධ්‍යවේදීහු ඇතුළු විශාල පිරිසක් අධිකරණයට පැමිණ සිටියහ.
( තිළිණි ද සිල්වා සහ ළහිරු හර්ෂණ )
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 11 ක් අද (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබේ.
මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය විමල් වීරවංශ , එක්සත් ජාතික පක්ෂයෙන් මංගල සමරවීර, දෙමළ ජාතික සන්ධානයෙන් ඒම්.ඒ සුමන්තිරන්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් මෙලෙස පෙත්සමක් ගොනු කරන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.
ඡායාරූප - ළහිරු හර්ෂණ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් එකක් පැහැදිලි වුණා. ඒ තමයි අගමැති මාරු කිරීම නිත්‍යානුකුලයි කියන එක හැමෝම පිළිගන්න බව. නැත්නම් ඒකටත් උසාවි යන්න තිබුනා
හැම සුළු පක්ෂයක්ම ජාති වාදී, එනිසා මහා ජාතිය එකමුතු කරන්න වැඩ පිළිවෙලක් පන්සල් වලින් ඇති කල යුතුය .
මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම උදෙසා අනිවාර්යයෙන්ම කළයුතු ජාතික මෙහෙවරකි.
ශ්‍රේෂ්ඨාධිකරණය නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කර මෙම නීති විරෝධී පාර්ලිමේන්තු විසුරුවාලීම අත්හිටවනු ඇති මම උදෙක් බලාපොරොත්තු වෙමි.. රට තුල නැවත ප්‍රජාතන්ත්‍රවාදය ඇති වේවා
තීරණය ඉතාම පැහැදිලියි. සාමාන්‍ය අවබෝධයට අනුව හැමෝම ජනතාව ඉදිරියට යන්න! මැතිවරණය සාධාරණව පවත්වන්න! ඉන්පසු බහුතරයෙන් ආණ්ඩුව පිහිටන්න! මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න !හොරකම් නොකරන්න!බඩගෝස්තර හා පවුල් වාදයට තිත තබන්න !
ඒක නම් ඇත්ත. අගමැති මාරු කරාම ඇයි උසාවි නොගියේ කියන කතාව දැන්නම් ලොකුවට හිතන්න වෙනවා. අනික් පැත්තෙන් ඇයි මේ මිනිසුන් මෙච්චර ඡන්දදායකයන්ට බය? මේ ප්‍රශ්නය සියලුම ඡන්දදායකයන් ඇසිය යුතුයි. පාර්ලිමේන්තුවත්, විධායකයත් අන්තිමට වගකියන්න ඕනා ඡන්දදායකයන්ට. ඒ බව අමතක කරලා හෝ උවමනාවෙන් මග ඇරලා ඡන්දය නවත්වන්න හදන්න එපා.
අජිත්, මම නීති ඔස්තාර් කෙනෙක් නෙමයි. නමුත් මගේ දැනීම අනුව අගමැති මාරු කිරීම නිත්‍යානුකුල නැහැ. උසාවියට ගියේ නැත්තේ පාර්ලිමේන්තුව උත්තරීතර නිසා. පාර්ලිමේන්තුව කල් තබලා විතරයි තිබුනේ. දැන් පාර්ලිමේන්තුව විසුරුවලා. ඉතින් උසාවි යන්නේ නැතුව කොහේ යන්නද? මම වැරදිනම් කරුණාකර වටහලා දෙන්න. ස්තුතියි.
අජිත් මහතා, මේකෙන් අගමැති ඉවත් කිරීම නීත්‍යානුකූලයි කියලා කොහෙත්ම කියවෙන්නේ නෑ. දේශපාලන විද්‍යාව තුල පාර්ලිමේන්තු ක්‍රමයේ තියෙන එක් වැදගත් සිද්ධාන්තයක් තමා පාර්ලිමේන්තුවට අදාල කරුණක් විසදීම සදහා අධිකරණයට යා යුත්තේ එය පාර්ලිමේන්තුව තුල විසදා ගැනීමට නොහැකිනම් පමණි කියන කාරණය. අගමැති රනිල් හැමවෙලේම කිව්වේ මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට පුලුවන් පාර්ලිමේන්තුව කැදව්වොත් ඒ නිසා පාර්ලිමේන්තුව කැදවන්න කියන කාරණය. දැන් පාර්ලිමේන්තුවට අදාල කාරණයක් පාර්ලිමේන්තුවෙන් විසදන්න බැරි වෙන්න පාර්ලිමේන්තුව විසුරවලා. එම නිසා තමා මේ කාරණයට අදාලව උසාවි යන්නේ. ටිකක් හොයලා බලලා අදහස් ලියන්න.
ව්‍යවස්ථාවේ පැහැදිලිව තියනවා රජයක් විසුරුවා හැරීමට හැක්කේ වසර 4 1/2 කට පසුව බව. ජනාධිපතිතුමා සහ උපදේශකයින් කියන්නේ ජනාධිපතිට 'පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්' බලය තියනවා කියන වගන්තියයි. මුළු ව්‍යවස්ථාවම අර්ථ දක්වන කොට ජනපතිතුමා තමයි පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ඇති තැනැත්තා. ඒකේ විවාදයක් නැහැ. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය නිර්යාතක සම්පුර්ණ කල පසු පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ලත් තැනැත්තා ජනාධිපති වෙනවා මිසක් තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසිරවීමේ හැකියාවක් ජනාධිපතිතුමාට නැහැ. එහෙම නම් ඡන්දයෙන් පස්සේ පත්වෙන අලුත් ආණ්ඩුවත් ජනාධිපතිතුමාගේ සිතැඟි සපුරන්නේ නැත්නම් විසුරුවන්න හැකියාව තියනවානේ.
ප්‍රේමරත්න මයා, මෙතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් මිස ජාතිවාදය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. ඒකාධිපති ඔබේ දොරට තට්ටු කරන්නේ ඔබ කොයි ජාතියට අයත් කෙනෙක්දැයි සොයා බලා නොවේ.
මම නීති විශාරදයෙක් නොවෙයි රටක අගමැති තෝරන්නේ අධිකරණයෙන් නොවේ පාර්ලිමේන්තුවෙන්. ඒ ගැන නොදැන කතා කරනවට වඩා හොදයි කතා නොකර ඉන්න එක. දැනටමත් 19 සංශෝදනය ගැන තීරණයක් දීලා ඉවරයි,
ජනපතිගේ තීරණය නිවැරදිය. යම් හෙයකින් එය වැරදි ලෙස තීරණය කළ හොත්, ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට රට බිල්ලට දීමක් සිදු වේ. රට ගැන තීරණ ගත යුත්තේ රටේ ජනතාව මීස, විදෙස් තානාපතිවරු හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ ඔවුන්ගෙන් යැපෙන අතලොස්සක් නොවේ.
19වෙනි ව්‍යවස්ථා සංසෝදනය බොරුවක්ද එකෙන් ව්‍යවස්ථාවට අලුතෙන් කිසිවක් ඇතුලත් වුනේ නැද්ද. ජනාධිපතිතුමා නිතරම කිවා තමා ජනාධිපති බලතල කප්පාදු කලා කියා.මොනවද ඒවා කියා දැනගන්න ජනතාව බලාගෙන ඉන්නවා.
"හැම සුළු පක්ෂයක්ම ජාතිවාදියි. එ් නිසා මහජාතිය එකමුතු කරන්න වැඩ පිළිවෙලක් පන්සල්වලින් ඇති කළ යුතුය" ඒ වෙනුවට පන්සල් පල්ලි සියල්ල දේශපාලනයෙන් ඈත්වී සිටියොත් සියළු ජාතීන් එකමුතු වී රට දියුණු වනු ඇත.
බලන් ගියහම ජවිපෙ එකටත් ඡන්දෙ දෙන්න බැහැ. අලියාගේ පස්සේ නේ යන්නේ... මැතිවරණයක් තියන එක කොහොමද නීතිවිරෝධී වෙන්නේ...? මේ ඔක්කොම ඇවිල්ලා ජනතාවගේ පික් පොකට් කාරයෝ. හැබැයි මේ අය නැවත පාර්ලිමේන්තුවට යවන්න අපේම ජනතාව සැදී පැහැදී ඉන්න බව නම් අමතක කරන්න එපා...
ඔයාලා කියන විදියට කරන්න ගියොත් වැඩි කල් නොගිහින්ම කියාවි ජනාධිපතිට තියෙන්නේ ව්‍යවස්ථාපිත බලයක් විතරයි කියලා, ඊට පස්සේ කියාවි ඡන්දයෙන් පත්කරගත් නිලධාරියෙක් විතරයි කියලා. අන්තිමේදී මෙච්චර තේජස් ජනාධිපති තනතුර නිකම් හෑල්ලු වෙලා යන එක තමයි වෙන්නේ...
දැන් තේරනවා නේද? තනි පුද්ගලයක් අතේ තියන අසීමිත බලතලේ විපත.... විධායක නිසා අද රටට මොකද්ද වෙලා තියන්නේ? තනි පුද්ගලයා විසින් නියමිත කාලයට කලින් අද අනවශ්‍ය ඡන්දයක්? 2015 දීත් හිටපු මහින්ද රාජපක්ෂ විසින් නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් කැඳව්වා. මේවාට වියදම් කරන්නෙත් මේ රටේ වැඩ කරන, බදු ගෙවන ජනතාවගේ මුදල් මිස අර තනි පුද්ගලයාගේ පොකෙට්ටුවෙන් නොවේ. ඔවුන්ගේ පුද්ගලික වාසියට ඡන්ද තියනවා, ව්‍යවස්ථා වෙනස් කරනවා මිස රට ගෙන හිතලා නොවේ. පැහැදිලිවම 18 ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ එක පවුලක් සඳහායි. විටින් විට ඡන්ද පවත් වෙන කිසිම රටක් ලෝකේ දියුණු වෙලා නැහැ. මේ පාලකයින් රටට පාප කර්මයක්...
විශාලම විහිළුව නම් වසර ගණනාවක් මැතිවරණ නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ යයි මේ කිසිවෙකු විසින් අධිකරණය තබා සමථ මණ්ඩලය හෝ පැමිණිලි කර නැත.
මෙන්න මේ නූගත්කම තමයි සමාජයෙන් තුරන් කරන්න ඕනේ. තමුන්ගේ සර්ව ජන ඡන්ද බලය තඹ දොයිතුවකට මායිම් නොකර අත්තනෝමතිකව ආණ්ඩු පිහිටුවලා බහුතරයක් පෙන්න ගන්න බැරි අගමැතිලා පත් කරන එකට බොහොම සතුටින් උඩ පනිනවා. බලන් ඉන්නවා ඇති තමුන් පත් කරපු ආණ්ඩුවට මෙහෙම වෙනකන් විරෝධය දක්වන්න. ඔවුන් දන්නේ නෑ තමුන් කරන්නේ සියතින් ගෙල සිඳ ගැනීමක් කියලා. නීති විරෝධීව ආණ්ඩු පිහිටවපු එක සහ නීති විරෝධීව අගමැති කෙනෙක්ව පත් කිරීම විසඳගන්න තමයි පාර්ලිමේන්තුව රැස් කරන්න කිව්වේ. එතැනදී බහුතරය පරික්ෂා කරන්න පුළුවන් නිසා. දැන් පාර්ලිමේන්තුවක් නෑ. එ්ක නිසයි උසාවි යන්නේ ඊළඟ විකල්පය ලෙස. පාර්ලිමේන්තුව තිබුණා නම් උසාවි යන්න ඕනෑ නෑ. මොකද පාර්ලිමේන්තුව ඊට වඩා උත්තරීතර නිසා...
21 වැනි සංශෝධනය... පාර්ලිමේන්තු වලංගු කාලය අවුරුදු 2යි. මොකද ඡන්ද නැතුව හාමතේ ඉන්න කට්ටියට සහනයක් ඕනේ නේද? වියදම් වෙන සල්ලි ගැන බයවෙන්න එපා. කඩේ යන අය කඩේ යන ගමන් ගෙවනවා. අනේ මෙහෙමත් පිස්සෝ ඉන්න රටක අපි ඉපදුණානේ.
ජනතාව පත් කරන ආණ්ඩුවක් ජනතාවගේ පරමාධිපත්‍ය උදුරාගෙන අත්තනෝමතික ලෙස වැඩ කරනවිට එවන් ආණ්ඩුවක් අවුරුදු 4ක් 5 යනකම් විසුරුවන්න බැරිවෙන එකට මහජනතාව හැටියට අපි කැමති වෙන්නේ කොහොමද? මේ වගන්තිය ජනමත විචාරණයකට තුඩුදෙන කරුණක් නොවේද??
උඩ වගන්ති සංශෝධනය නොකර යට ඒවා සංශෝධනය කල විට බලාත්මක වෙන්නේ උඩ වගන්ති වේ. 33 සංශෝධනය නොකර 70 කලාට වැඩක් නැහැ. අපි බලමු ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව. එයට හිස නමා පිළිගමු .
ජනාධිපතිතුමනි, මාස දෙකකට අත් හිටුවලා ජනමත විචාරණයක් තියන්න පිස්සු කෙලින්නේ නැතිව...
අපේ රටේ සමහරක් මෝඩයින්ගේ ස්වභාවය තමයි එක මාතෘකාවක් තිබෙද්දී, එය පසෙක තබා, වෙනත් මාතෘකාවක් (අගමැති පත්කිරීම) ගැන කතා කිරීම.... එක මීහරකෙක් පසුපස අනෙකා යන බහුතර සිවුපාවුන් වෙසෙන ග්‍රාමීය සමාජයක ස්වභාවය තමයි මේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලය මෙන්ම එය ක්‍රියාත්මක විය යුතු ආකාරය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉතාමත්ම පැහැදිලිව තිබෙනවා. සිංහල, ඉංග්‍රීසි, හෝ දෙමල භාෂාව කියවීමට හැකි ඕනෑම කෙනෙකුට මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව පැහැදිලිව අවබෝධ කරගත හැකියි.
අගමැති මාරුකිරීම නීත්‍යානුකූලයි තමයි. ඒ නිසා අධිකරණයට ගිහින් වැඩක් නෑ. හැබැයි බහුතරය රනිල්ට තිබුණු නිසා බහුතරය ඇත්තේ කාටද කියලා පාර්ලිමේන්තුවෙන් විසඳාගත යුතු කාරණයක්... ඒකයි පාර්ලිමේන්තුව වැහුවේ.
ගොඩක් අය ලංකාවේ නීතිය දන්නේ නැහැ වගේ... ලංකාවේ අධිකරණයයි, ජනාධිපති සහ ව්‍යවස්තාව මේ තුනම එකම මට්ටමක තියෙන්නේ. එකිනෙකාට වෙනම මුකුත් කරන්න බැහැ. ජනාධිපතිට බලතල තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න. අධිකරණයටයි, ව්‍යවස්ථාවටයි බැහැ ඒකට එකින් එක කරන්න. නිකන් මිනිසුන්ගේ කාලයයි, සල්ලි නාස්ති කිරීමක් තමයි වෙන්නේ. දැන්වත් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා බලාගෙන ඉන්න. ඔයාලට හම්බකරලා දෙන්නේ ඔය එක්කෙනෙක්වත් නෙමෙයි...
අවනීතියට විරුද්ධව නැගී සිටිමු...
මේ ව්‍යවස්ථාව ජේ.ආර්. හැදුවේ ගැහැණියක් මිනිහෙක් කරන්න සහ මිනිහෙක් ගැහැනියක් කරන්ට විතරක් බැහැයි කියලා. එන්.එම්. කීවේ බලය මෝඩයෙකුට ගියොත් රට විනාශ වෙනවා කියලා. දැන්වෙලා තියෙන්නේ රනිල්ලා එකතුවෙලා ජනාධිපතිව තෝරාගත්තේ කියන ඕනෙම දේකට ඔලුව වනයි කියලා. නමුත් රට යන විදිය දැක්කම තව දුරටත් මෙහෙම යන්න බැහැ කියලා හිතුන නිසා තමයි මේ සේරම අවුල් වුනේ. රනිල් හැමදාමත් කෙරුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ... දැන් වෙලා තියෙන්නේ විධායක බලය ටිකක් හරි පාවිච්චි කෙරුවේ ජනාධිපති තමයි. මේවා ගැන හොඳටම දන්න නිසා තමයි ජවිපෙ එක විධායක බලය නැති කරන්ට හැදුවේ. නමුත් විධායක බලය නැතිව තිබුණා නම් මේ වෙනකොට රනිල් මුළු ලංකාවම විකුණලා. මංගල කිරිදරුවටත් බදු ගහලා. මලික් ස්වාසිලන්තේ එක්කත් ගිවිසුම් ගහලා.
පහුගිය අවුරුදු තුනේ ලංකාවේ හිටිය නැති අයද, නැත්නම් අංගොඩ හිටිය අයද මේ ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්නේ...? තව මාස 2ක් රනිල් හිටියා නම් මේක ඉතියෝපියාවක් වෙනවා.
සියලුම බලතල ජනාධිපතිගෙන් ඉවත්කර පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ විත්තිය සිරිසේන පෙන්නලා දුන්නා..
මේ හනුමන්තා රට ගිනි තියන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් සිදුකළා නම් අද මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ... මෝඩයා කොයි වැඩේ කළත් හත්පොලේ ගා ගන්නවා...
අගමැතිගේ ප්‍රශ්නය විසඳන්නේ පාර්ලිමේන්තුව කැඩුවාට පසුවයි.
හෙට වෙද්දී නීතිපති ඉල්ලා අස්වෙලා තියෙයිද දන්නේ නැහැ.
ඡන්දෙකට බයේ උසාවි යන මේ කාටවත් ඡන්දයක් දෙන්න හොඳ නෑ..
මේක කාරණා 2 ක්... මැතිවරණය කියන්නේ ජනතා පරමාධිපත්තියයි... එ්ක උරගා බලන්නත් රටක් තුළ නීතියක් ක්‍රියාත්මක විය යුතුයි.. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න උසාවි යනවා. මැතිවරණයකදී ජනතාව අතරට යනවා .. මේ දෙක පටලවා ගන්න එපා ගරු බුද්ධිමත් මැතිඳුනි...!!!
රටේ මහජන කැළඹීමක් නොවෙන විදියට කටයුතු කරන එක සියලුම දෙනාගේ වගකීමක්... මහජනතාව වශයෙන් අපිට තියෙන අසීමිත බලයට බය අයගේ ගාල ගෝට්ටියේ තරම මේ දිනවල හොඳට ප්‍රදර්ශනය වෙනවා.
ඉන්දියන් කාරයෝ මස්රාත්තල හරියට දෙනකල් ලංකාව එක්කලා නිදහසේ ගනුදෙනු කරන්න බැහැ කිව්වා. ඉන්දියාව හරි කියනකල් කවුරුවත් අපට ආධාර දෙන්නේ නැහැ. ඉතින් බජට් එක බකල් වුණා. ඉන්දියන් කාරයෝ ඉල්ලපුවා දෙන්න ජනාධිපතිවරයාට විතරයි බලය තියෙන්නේ... ඉන්න ජනාධිපති එ්කට කැමතිත් නැහැ. කරන්න තියෙන්නේ මොකක් හරි උප්පරවැට්ටියක් දාලා ජනාධිපතිවරණයක් තියන එක... ජනාධිපති ව්‍යවස්ථාව අවභාවිතා කළා කියලා ඔප්පුකරලා ජනාධිපතිවරණයකට යන්න පුළුවනි. පාර්ලිමේන්තුව විසිරවීම එ්කට හොඳ නිමිත්තක්... නමුත් පැවතුණු රජය භාරකාර තනතුරේ ඉඳිද්දී මැතිවරණයකට යාම වළක්වන්න ජනාධිපතිතුමා පොඩි වෙට්ටුවක් දාලා අැමැති මණ්ඩලේ මාරු කළා. මීළඟ දර්ශනේ සජිත් ජනාධිපතිවරණයට එන එක වළක්වන එක... එ්කට මේ දවස්වල සීනි බෝල දීගෙන යන්නේ... එ්ක හරිගිය ගමන් මේ තීන්දුව දීලා ජනාධිපති ඡන්දෙ තියයි. ඔන්න කට්ටිය බලාගෙන ඉන්න. පොඩ්ඩක් වැරදුනේ සිරිසේන ජනාධිපතිතුමා එයාගේ කට්ටියට භාරකාර ආණ්ඩුව භාර දීපු එකයි...
අවුරුදු 3ක්... කරපු දෙයක් නැහැ. දැන් ජනතාව ළඟට ගිහින් මොනවා කියන්නද? පරාජය අතළඟයි..
ජනතාවගේ බහුතරය දැනගන්න ගමට, නගරයට එන්න වෙලා. ජනතාවට ලැබුණේ වැට්... ගමේ ගොවිතැන් කරපු මිනිහගේ පොහොර කෘමිනාශක වලට... අහස උසට වැට් ගැහුවා. ගොවියෝ ගොවිතැන බලා ගිහින් සිමෙන්ති අනනවා. කම්කරුවන්ට ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරි නිසා. ඔක්කොම අතෑරලා සිමෙන්ති අනන්න යනවා.
ජනතාව ඉස්සර වගේ මෝඩ නැහැ. හිටපු ඇමැතිලා ගොඩක් මේ සැරේ විශ්‍රාම යවාවි ජනතාව..
සාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට ගන්න කල ක්‍රියාවක්