(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට  නෝනයි මහත්තයයි  ගෙනාවා. තාත්තා පුතා ගෙනාවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ්  ගෙනාවා. දැන් බෝයි ෆ්‍රෙන්ඩ්  බෝයි ෆ්‍රෙන්ඩ්  ඉන්නවද කියලත් හොයන්න ඕනෑ  යැයි  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

ඔහු මෙසේද සඳහන් කළේය

කතානායකතුමා හැම වෙලාවේම කතාව පටන් ගන්නේ විපක්ෂයට ගහලා. එතුමා තමයි මහින්ද චින්තනය ලිව්වේ. තරුණයන්ට මහින්දට ඡන්දෙ දෙන්න කිව්වේ බිමල් රත්නායක. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ෆොටෝ එකක් ඉස්සරහට ගෙනල්ල තියාගෙන බනින්න. රාජපක්ෂල බලයට ගෙනල්ලා මෙතන ඇවිල්ලා අපිට බනිනවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න කියපු කෙනා දැන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කතා කරනවා.