
මන්ත්‍රීවරුන් ඇතුළු 1400කට අධික පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
අද දිනයේදී පුද්ගලයන් 190දෙනෙකු පීසීආර් පරීක්ෂණ වෙත යොමුකර ඇතැයිද ඔහු සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ ඔවුන්ව මෙම පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර, සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක් විශබීජානුහරණයට ලක් කර අවසන් බවත් ආරංචි මාර්ග අනාවරණය කරයි.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ආසාදිතයකු බව අද(25) තහවුරු වීමත් සමඟ, කොරෝනා වයිරසය ආසාදිත සමස්ත මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරංචියක් අපිට ලැබෙයිද? ඕක ගැන..
අනේ අම්මපා මීහරක් පට්ටියක් සුද්ධ පවිත්‍ර කිරීමට, මීහරක් වසුරු ඉවත් කිරීමට, මිහරකුන්, මිදෙනුන් නෑවීමට, තණකොළ, පුන්නක්කු, බටදැල්ල වලින් ඔවුන්ගේ කුසගිනි නිවීමට මේතරම් මිනිසුන් ප්‍රමාණයක් යෙදවීමත් පාපයකි. මෙම අදහස් සියලුම ශ්‍රී ලාංකිකයින්ට වෙනසකින් තොරව කියැවීමට හැකි වේවා...!!!