
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින් අද(25) පැවසීය.
"පාර්ලිමේන්තුවේ අපේ අර පොදු වැසිකිළිය හතරහමාරට වහනවා කියලා පොලිසිය කියනවා.කෑලි ගලවාගෙන යනවා කියලා එහෙම වහනවලු.ඒගොල්ලන්ට ඊට පස්සේ යන්න තැනක් නැතිලු.ඒක නිසා පොදු වැසිකිළිය රෑටත් ඇරලා තියන්න කියන්න. ඉබ්බ දාන්න එපා කියන්න යනුවෙන් අර්චුනා මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි අර්ජුනෝ කථානායකතුමා කිව්ව විධියට 4න් පස්සේ කැන්ටිමේ කුස්සියට ගියානම් ලොකු වෙනසක් නැ.
මුගේ කට පොදු වැසිකිලියට ගන්නත් පුළුවන් නිසා අනික් පොදු වැසිකිලියට ඉබ්බෝ දාන එකේ වැරැද්දකුත් නැහැනේ.
මේ මනුස්සයට පිස්සු කියල හිතාගෙන හිටිය එක වැරදි නේද? පොඩි මිනිස්සුන්ට අදාල ප්‍රශ්නයකට කතා කරන කෙනා දහඩිය සුවඳ හඳුනන කෙනෙක් නේද?
කෙලි ගලවනවයි කියන්නේ පාර්ලිමේන්තුවේ සේවය කරන මහ හොරෙකුගේ අනුදැනුම ඇතුළුව තමයි එම හොරකම් සිදුවෙනවා ඇත්තේ . ඒ හොරාවයි එම ක්‍රියාවන්ට අනුබල දෙන එවුන්වයි බෙල්ලෙන් අල්ලලා දොට්ට දාන්න ආරක්ෂක අංශයේ උන්දලාට බැරිද? ඔවුන් නිදිද ? එහෙම නැත්තම් උන්ලත් හොරකම් වලට සම්බන්ධ වත්ද? හොයලා බලන්න.
මේ වගේ එවුන්ව යවන්න ඕනේ අංගොඩ
අහල නැද්ද “යකාගෙ හැටියටලු විමානෙ”.
මොහුට තියන ප්‍රශ්න .පාලිමන්ට් එවපු අයට තලන්න ඕනේ මඩු වලිගෙන්
පාර්ලිමේන්තුවේ පොදු වැසිකිළියත් අවභාවිතා කරනවා වගේ පෙනෙන්නේ..!
අපේ එක්කෙනෙක් ඉන්නව ඔය වැඩේට හරි හපන්. එයා වැසිකිලියට ඉබ්බ දාල යතුර ඉනේ ගහගෙන ඉන්නෙ. එයා ඔය පැත්තෙ ආවද දන්නෙ නෑ.
මම පදිංචි මේ රටෙත්, දුම්රිය, බස් නැවතුම්පොළවල් මෙන්ම ප්‍රධාන නගර වලත් "පොදු වැසිකිලි" සේවා තියෙනවා. ඒවා හැම එකක්ම ස්වයංක්‍රීය ඒවා. ඒවා බලාගන්න කවුරූත් නෑ. වැසිකිලි පොච්චි ගලවන්න, ජලය, සබන් හෝ අත් වේලෙන වෙන්ටිලේටර්ස් ගලවගෙන යන්න නෙවී මහජනයා ඒවාට යන්නේ... වෙන කටයුතු සඳහා පමණයි! එම උපකරණ සවිකර තිබෙන්නේ හොරට ගලවගෙන යන්න පුළුවන් විදිහකට නොවෙයි. රාත්‍රී 11ට ඒවා automatic lock system එකකින් අගුලු වැටෙන නිසා, කිසිවෙකුත් ඒවාට ඇතුළු වී නිදා ගැනීමට හෝ වෙනත් අපචාරකම් කිරීමට හැකියාවක් නැත.මොකද අපේ ශ්‍රීලංකාවට එහෙම කරන්න බැරි ?