(බන්දුල ඉලේපෙරුම)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරය සඳහා කුෂානි රෝහණධීර මහත්මිය පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(3) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙතෙක් කලක් නියෝජ්‍ය මහලේකම් ධූරයේ කටයුතු කළ නීල් ඉද්දවල මහතා පසුගියදා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවුරුම් දුන් අතර ඒ හේතුවෙන් පුරප්පාඩුවූ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට මෙසේ කුෂානි රෝහණධීර මහත්මිය පත්කරනු ලැබ සිටී.
රෝහණධීර මහත්මිය ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන හරිගුප්තා රෝහණධීර මහතාගේ බිරිඳ වන අතර ඇය 2012 වසරේ සිට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරිය ලෙස කටයුතු කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙගෙ නෑයෙක් නැතෙයි...
ඉතාම නිහතමානි මහත්මියක්. දැනට අවුරුදු 5 කට විතර උඩදී මෙතුමියත්, රෝහණධීර මහත්මයත් මට පැරිසියේදී අහම්බෙන් මුණ ගැසුණා. ඉතාම හිතවත් මේ යුවල මට ලංකාවට පැමිණි දවසක පාර්ලිමේන්තුව බලන්න පැමිණෙන්න කියා නිහතමානිව ආරාධනා කළා.
මෙතුමිය ගැන නං දන්නැහැ. ඒත් මහත්තයා ජනාධිපති ගාව වැඩ නං එතන ලබැඳියාවන් අතර ගැටුමක් නේද?