(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපතිවරයාට ඇති බලය වෙනස් කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවකදී අද (04) පැවැසීය.
කතානායකවරයාගේ ලිඛිත අවසරයක් ඇතිව පමණක් එවැනි කල් දැමීමක් කළ හැකි ආකාරයට යෝජනාව ඉදිරිපත් කරන බවද නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය පාවිච්චි කළ යුත්තේ ඉතා සෝදිසියෙන් බව කී දිසානායක මහතා අද ඔහු එම බලය ඉතා අයුතු ලෙස භාවිත කරමින් සිටින බවද පැවැසීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ඔබ රට එක්සත් ජාතික පක්ෂය බාරගන්න ඉන්න නායකයෙක් වශයෙන් දැන් නිහඬව ඉන්න... දුවන කෝච්චියට බෙල්ල තියන්න එපා මහත්තයෝ... හරි හෝ වැරදි වුනත් ජනාධිපතිවරයා කර අැත්තේ මේ වෙලාවේ කළයුතුම දෙයයි. හැරිලා බලන්න ඔබ කලදේ හරිද කියා...? වැරදි නිවැරැදි කිරීමට ඔබ දායක වුනේ නැහැ... දැන් බෙරිහන් දුන්නට වැඩක් නැහැ. කරුණාකරල මහා මැතිවරණයක් ජනවාරි පවත්වන්න. ජනතාව දේවි නියම උත්තරය....
ඒ කියන්නේ දැනට බලය තියනවනේ? කල් තබපු එක නීත්යානුකූලයිනේ? බලය නැති වූ දවසට එ්ක බලාගනිමු. බුදු සරණයි, දෙවි පිහිටයි ඔබතුමාට. පාරේ දකුණු පැත්තෙන් අයින්වෙලා යන්න.
ළමයෝ, 2015 ජනවාරියේදී ඕක කරපු වේලාවෙත් විරුද්ධ වෙන්න තිබුණානේ...
1978 ඔබගේ පියාගේ කාලේ ජනපති ජේ.ආර්. හැමදෙයක්ම කලේ එජාප එකට වාසි වෙන විදියට... දැන් භූමරංගයක් වී තිබේ...
එ.ජා.ප. 2015 දී ලැබුණු බලය අවභාවිත කරමින් රටට ඉතා අහිතකර ආකාරයෙන් කටයුතු කරමින් සිටියදී, ජනපතිතුමා ඔහුට ඇති බලතල අනුව කටයුතු කර තිබෙන්නේ... විධායක ජනපති බලතල වල වටිනාකම දැනුයි හොඳින් පෙනෙන්නේ. මේ වනවිට පාර්ලිමේන්තුවේ 113ට වැඩි පිරිසක් මහින්දට අකමැති වුණත්, රට තුළ 65% වැඩි පිරිසක් රනිල් මහතාගේ ප්‍රතිපත්ති වලට විරුද්ධ මෙන්ම මහින්ද මහතා අගමැති වීම රටට හිතකර බව විශ්වාස කරනවා. මේ මොහොතේ රටට ආදරය කරන එ.ජා.ප. මන්ත්‍රිතුමන්ලා කල යුත්තේ රටට විරුද්ධව විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් බලවේග උසිගැන්වීම වෙනුවට, ජනතා මතය උරගා බැලීමට මහ මැතිවරණයක් ඉල්ලා සටන් කිරීමයි.
ජනතාව පාලිමේන්තුව පත් කරනවා නම්, ඒ පත්කිරීමේ බලය ඇත්තේ ජනතාවට නම්, එහි සිටින්නේ ජනතා නියෝජිතයින් නම් පාර්ලිමේන්තුවෙන් පිටත සිටින කෙනෙකුට එය කල් තැබීමට ඉඩ නොතැබිය යුතුයි. එය කල්තබනවා නම් ජනතා නියෝජිතයින්ගේ අවසරය ඇතිව එය කළයුතු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේවා කරන්න මතක්වෙන්න මේ වගේ අභාග්‍යයක් වෙනතුරු බලාගෙන ඉන්නේ කියන එකයි.
ගරු ගාමිණී දිසානායකගේ කාර්ය සාඵල්යත් මෙයාගේ කාර්ය සාඵල්යත් අහසට පොළව වගේ... එජාපයේ ජාතික සංවිධායක හැටියට මොනවද කරන්නේ? බයිලා නෙමෙයි අප්පච්චිගේ පුතෙක් කියලා කියන්න වැඩ පෙන්නන්න...