(තරිදු ජයවර්ධන)
නොවැම්බර් 07 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා දුරකතනයෙන් තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.
‘‘අද සවස 2.30ට පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන රැස්වීමක් කැඳවා න්යායපත්රය සකස් කිරීමටත්, නව පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබාගෙන රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීමටත් මට සහාය දෙන ලෙස සියලු පර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.‘‘ යැයි ද කතානායකවරයා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම රැස්වීමට සහභාගී වී සිටිති.
මේ වන විට එක්සත් ජාතික පක්ෂයට 116කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ සහාය ලැබී ඇති බව මෙම රැස්වීට සහභාගී වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් සටහන් කරමින් කියයි.
‘‘තවමත් අපේ ආණ්ඩුව. 123ක් අපිට ඉන්නවා. නිලධාරීන්ට කියන්නේ නීති විරෝධී නියෝග ගන්න අය අපි එළවනවා.‘‘ යැයි මංගල සමරවීර මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය නීත්‍යානුකූලව පවරා දෙන්න. දුප්පතුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ සත් ක්‍රියාව අවසානය.
ප්රජාතන්ත්රවාදයට සහය දුන් සැමට ජයවේවා
කවුරු අගමැති වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. කවුරු ආවත් ජනතාවට කෙළවෙන බව අපි දන්නවා. එහෙම වෙන්න වුනත්, පස්ස දොරෙන් ඒවා කෙරෙනවට අපි විරුද්ධයි. රටට කෙලින්න වුණත් එනවා නම් එන්න හරි පාරෙන්!
රැස්වුනහම කෑ කෝ ගහගෙන ගුටි ඇනගෙන සෙන්කෝල උස්සගෙන එක්කෙනෙක් දෙන්නෙක් තුවාල කරගෙන අන්තිමට කට්ටියම කැන්ටිමට ගිහින් කාලා බිලා සතුටින් යන්න යයි. හොඳ නිවුස් ටිකක් ලැබේවි.
එදාට ලංකා ඉතිහාසයේ ලොකුම ගුටිකෙලි සංදර්ශනය බලා ගන්න ඇහැකි වෙයි. එක මන්ත්‍රී කෙනෙකුට අදට ලැබිලා තියෙන ලන්සුවේ වටිනාකම අනුව දොලොස් දෙනෙක් ගන්න ලක්ෂ 3,600 ක් වියදම් කරන්න වෙනවා. එහෙම කලොත් දිනුම් නැත්නම් ආයෙත් අවුලේ මුලට.
ඒක හොඳයි. කාලය මැරුවා ඇති...
ඒ වුණාට සුසිල් කීවේ නැහැනේ... එයලානේ දැන් පොරවල්..
ඔය කියන රැස්වීමට ඉස්සර පාර්ලිමේන්තුවේ තියන සියලුම දේවල හරි ගණනයක් කර වටිනා කියන භාණ්ඩ ඉතා සුරක්ෂිතව හා විශේෂ ආරක්ෂාවක් යටතේ තබන්න. එන කට්ටිය මන්ත්‍රී ධුර වෙන්දේසි කළා වගේ පාර්ලිමේන්තුවත්, එහි තියන වටිනා දේපළත් වෙන්දේසි නොකර නොගියොත් තමා පුදුමවෙන්න ඕනේ...
අපි දන්නවා 7වෙනිදා රාජිත, මංගල දෙන්නම අනිත් පැත්තේ...
අදහස් දක්වලා තියෙන දෙන්නම සමනල්ලුනේ. සමනළලන්තයක් කිරීමට නොහැකිවීම දුකට හේතුවයි.
ලංකා ඉතිහාසයේ දැවැන්තම ගුටි කෙලි සංදර්ශනය එදාට බලාගන්න පුළුවන් වේවි.
වෙන්දේසිවලින් මන්ත්‍රීලා 113 ක් මහින්දට ගන්න බැරිවුණු ලකුනුනං, තරඟයෙන් ඉවත් වේවි.!!!