( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තු සැසිය කල් ජනාධිපතිවරයා දුන් විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම කළේය.
එබැවින් ජනාධිපතිවරයා ගේ ප්‍රකාශයක් අභියෝගයට ලක් කළ නොහැකි හෙයින් පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කල ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු සැසිවාරය ලබන නොවැම්බර් 16 වැනිදා කල්තබමින් ජනාධිපති කළ විධානය ඇතුලත් අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතෂ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම දැනුම් දුන්නේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ , කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැදවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද කියන්නේ ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයක් කියලා?
මේ මිනිස්සු ඇත්තටම පෙරකදොරුවෝද කියලා මට නම් සැකයක් තියෙන්නේ... නීතිය නොදැනද මෙහෙ පෙත්සම් ඉදිරිපත් කරන්නේ.... එහෙම නැතුව ගියොත් පලයන් අාවොත් වරෙන් කියලද? මේවගේ මිනිස්සුද අපේ නඩුවලට කතාකරන්නේ...
අප රටේ උත්තරීතර පූජනීය ස්ථානය මුදලට තමන්ගේ ශරීරය විකුණන ගණිකා වෘත්තිකයින්ටත් වඩා පහත් කිසිම ප්‍රතිපත්තියක් නැති තමන්හට වටිනා ඡන්දය ලබාදුන් සියල්ලම පාවාදුන් ගුණමකු, දුෂ්ට, කෂඩ මිනිසුන්ගේ වාසස්ථානයක් වීම කෙතරම් කණගාටුදායකද? යහමින් මිල මුදල් ඇති ඕනෑම කෙනෙකුට මන්ත්‍රීවරුන් මිලදීගෙන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට පුළුවන් වන තරමට මේ රට ජරාජීර්ණ කලේ කවුද? මෙවැනි කපටි මිනිසුන්ගේ පිරිපුන් ආණ්ඩුවකින් රටට යහපතක් බලාපොරොත්තු වන්නේ කොහොමද? ඒ වගේම මේ අත දිගහැර විසි කරන්නේ දාඩිය මහන්සියෙන් හරි හම්බ කළ මිල මුදල් නොව බලය පැවැති කාලයේදී රටේ සම්පත් සූරාකමින් සොරාගත් අසීමිත සම්පත් නේද? මෙවන් පිරිසක් පාලකයින් වූ පසු සිදුවිය හැකි දේ දැන් හොඳින් පෙනෙන්නට පටන්ගෙන ඇත. රටේ සියලුම මාධ්‍ය දැන් මුළුමනින්ම එ්ක පාර්ශ්වයක සම්පූර්ණ බලයට යට කරගෙන ඇත. දකුණු ඇමෙරිකාවේ රටවල පවතින "ජුන්ටා" පාලනයක් අපේ රටේද බිහිවෙන ලකුණු දැන් පෙනේ. මේ තත්වය නැවත්වීම ප්රජාතන්ත්රවාදය අගයන කාගේත් වගකීම වී ඇත...