(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සේවකයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් සියයක්ද සමඟ තලන්ගම පොලීසිය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (5) අත්අඩංගුවට ගනු ලැබීය.
එම සේවකයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මේ අතර ලීටර් පහක කිරි ටින් එකක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පාර්ලිමේන්තුවෙන් පිටකිරීමට උත්සහ දැරුවේ යැයි පැවසෙන සේවකයෙක් එහි උසස් නිලධාරියකු විසින් ඊයේ (5) උදේ අතටම අල්ලා ගනු ලැබීය.
පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජයන්තිපුර ආරක්ෂක පිවිසුමේ පොලිස් නිලධාරීන් කළ දැනුම්දීමක් අනුව එම ප්‍රධානියා වහා ක්‍රියාත්මකවී ඔහු මෙසේ අල්ලාගෙන ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මෙසේ පිට කිරීමට උත්සාහ දරා ඇතැයි පැවසෙන ද්‍රව්‍ය අතර තේ කොළ ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක්ද වෙයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ඊයේම ආරම්භ කෙරිණ.
පරීක්ෂණයෙන් අනතුරුව සිද්ධිය පිළිබඳව විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාරදීමට නියමිතය
මේ අතර පාර්ලිමේන්තුවේ වැසිකිළි පෝච්චි කිහිපයකට විසිකර තිබූ පිසින ලද කුකුල් මස් ප්‍රමාණයක්ද පෙරේදා (4) සවස සොයාගෙන ඇතැයි වාර්තාවේ.
පොලිස් නිලධාරීන් පැමිණෙනු ඇතැයි බියවී යම් සේවකයකු හෝ පිරිසක් ඒවා මෙසේ විසි කර දමා යන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක කරයි.
මේ අතර පාර්ලිමේන්තුව සේවකයන්ගේ ගමන්මලු පාර්ලිමේන්තුවට ඇතුළු වන අවස්ථාවේදී මෙන්ම පිට වන අවස්ථාවේදීද පරික්ෂා කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පිට කිරීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු පාර්ලිමේන්තු ප්‍රධානීන් මෙම පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයද 60 පැනලත් ඉන්න හදන්නේ?