බිඟුන් මේනක ගමගේ
නව කැබිනට් මණ්ඩලය පත්කිරීම සමඟ පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට එහි සභා ලේඛන කාර්යාලය කටයුතු කර ඇත.
පැවැති ආණ්ඩුවේ ඇමැති ධූර දැරූ මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් දක්වා තිබූ ඇමැති විෂය නාම ඉවත්කර සියලුම මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් මන්ත්‍රී නාමය පමණක් දැක්වෙන සේ මෙම යාවත්කාලීන කිරීම කර තිබේ.
ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහතා පත්කරනු ලැබ දින ගණනාවක් යන තෙක් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවූ අතර හිටපු ඇමැතිවරුන්ගේ නම් එහි දිස්විය.
මෙසේ ඇමැති ධූර හිමි මන්ත්‍රීවරුන්ගේ නාම යාවත්කාලීන නොකිරීම ගැන කළ විමසීමේදී පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ නිලධාරියකු පැවැසුවේ ඇමැතිවරුන් පත්කිරීමට අදාළ ගැසට්ටු සියල්ල නිල වශයෙන් ලද විගස නව ඇමැතිවරුන්ගේ නාම දැක්වෙන සේ යාවත්කාලීන කරන බවයි.
නව කැබිනට්ටුව පත්කිරීමේදී ඇතැම් අමාත්‍යංශ විෂය නාම වෙනස් කර ඇති අතර තවමත් අමාත්‍යංශ වෙබ් අඩවි බොහෝමයක් යාවත්කාලීන කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව එකම වැඩේ දෙපාරක් කරන්නද?
ඇමතිවරු කොහෙද, කවදාද හිටියේ අපේ පාර්ලිමේන්තුවේ...? හිටිය තරම් හිටියේ "අම්බරුවන්" සහ " බඩ තඩි මොලේ නැති ඌරන් සහ ඊරියන් "පමණයි.
වෙබ් අඩවියේ විතරක් නෙමෙයි, අපේ හිත්වලත් නෑ. විජිත් කියනවා වගේ කටපුරා ඇමතිතුමා කියන්න පුළුවන් එක මනුස්සයෙක් ඉන්නවද?