(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් කරන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණ සභාවේ ගරුත්වයට නොගැලපෙන බව කථානායක නිවේදන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව එම කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී ආකාරයෙන් මෙහෙයවීමට කථානායකවරයාට/මූලාසනයට උපදෙස් ලබාදීමේ සහ සහාය වීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූලව සිය වගකීම ඉටුකිරීමට බලපෑමක් මෙවැනි කටයුතු හරහා විය හැකි බව ද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.
එබැවින් එලෙස පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් කරන තර්ජනය කිරීම්, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන බවද නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කළේය.
නිලධාරීන් පිළිබඳ චෝදනා ඇත්නම් ඒවා කතානායකවරයා වෙත යොමු කරන ලෙසද නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගරුත්වයක් සහිත සභාවක් නොවෙයිනේ, මහා පුටුවේ ලගින්නේ පඹයින්නේ, අනුර, කරු වගේ අයව මතක් වෙන කොට හිනහා යනවා.
අශීලාචාර විදිහට හැසිරෙන අයව පාලනය කරන්න ඔබතුමා රබර් උණ්ඩ පිස්තෝලයක් පාවිච්චි කරන්න කැබිනට් අනුමැතියක් ලබාගන්න. එතකොට කවුරුවත් සීට් එකෙන් නැගිටලා එන එකක් නැහැ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ උසාවියෙන් වැරැදිරකරුවන් වූ කප්පම් කාරයෝ, මිනීමරුවෝ, කුඩු මුදලාලිලා, වැලි ජාවාරම් කරුවන් වැනි පිරිසක්.. ඕකේ ඉන්න නිලධාරීන්, පිරිසිදු කිරීමේ සේවිකාවෝ දූෂණය කරන බව අද සාක්ෂි සහිතව ඔප්පුවුණ බව කියන නමුත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන්න තවම කටයුතු කර නැහැ. කෝපි කඩේ නාටකයේ පොලී මුදලාලිට වංචා, දූෂණ ගැන පැමිණිලි කරලා ඵලක් තියෙනවාද?