(බන්දුල ඉලේපෙරුම)
කොවිඩ් 19 ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු සිටින බැවින් මෙවර පාර්ලිමේන්තු සතියේ රැස්වීම් දින දෙකකට පමණක් සීමා කර ඇත.
මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා අද (18) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (19) සහ අනිද්දා (20) යන දින දෙකෙහි පමණක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කරනු ලැබීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මීට පෙර පසුගිය 13 වැනිදා රැස්වීමට නියමිතව තිබුණද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසට පීසීආර් පරීක්ෂණ සිදුකර අවසන් කරන තෙක් එම සභාව රැස්වීම අද දිනට කල් තබනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd