(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක් සඳහාම මන්ත්‍රීවරුන්ට අමතරව තරුණයන් පස් දෙනෙකුටද එහි සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට මින් ඉදිරියට අවස්ථාව හිමිවේ.
මේ සඳහා ප්‍රතිපාදන සැලසෙන ස්ථාවර නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (5) සම්මත විය.
පාර්ලිමේන්තුවේ ඉදිරියේදී පිහිටුවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා සංඛ්‍යාව 20කි.
තරුණ පිරිසකට ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීමට මෙලෙස අවසර ලබා දෙනුයේ අරගලයේ නිරත පිරිස් විසින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
මෙයට අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා ) ඉදිරිපත් කරන නිර්දේශ නීතිපතිවරයාට යොමු කිරීමට හැකිවන පරිදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කෙරිණ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා පැවැත්වුණු අතර එම යෝජනාව පස්වරුවේ සම්මත විය.
ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් පිහිටුවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලය කියන්නේ මෑත ඉතිහාසයේ දුටු හොදම විහිළුව බව දැන් ඔප්පු වී ඉවරයි. ඇරත්, එකාට එකා නැති අරගල කාරයෝ කොහොමද 4 දෙනෙක්ව තෝරන්නේ? දමිතා, රැට්ටා , බට්ටා , කුරුට්ටා ආදී හැමෝටම තමන්ගේම වූ දේශපාලන හෝ ආර්ථිකමය ඉලක්ක තිබුන. අඩුම තරමේ ඔවුන් මෙරටේ තරුණ ප්‍රජාව හෝ නියෝජනය කරන්නවා යයි කියන්න පුළුවන් සාධක තිබෙනවා ද
යූටියුබ් කාරයින්ට ඕන විදියට රට පාලනය කරන්න දෙන්න බැහැ. අරගලයෙන් මහජනතාවට උන සෙතක් නැහැ . වැලේ වැල් නැතුව හිටපු අය ගොඩගියා මිසක්.
ඔය වරම් ලබන තරුණයෝ ආණ්ඩුවේ බත් බැලයෝ වෙන්න ඇති
මෙන්න මේ වගේ නම් තියෙන තරුණයන් 5ක් හොයාගන්න.... මාගල. රාගල. පිටිගල. කෑගල, සෑගල
මුළු පාර්ලිමේන්තුව ම බාර දුන්නාම ඉවරනේ.
තෝරා ගැනීම හරිම ලේසියි .උදාහරණයක් මෑතකදී හිටපු මැටි ඇමතිගේ කොල්ලා සිසුන් පිරිසකට රජයේ වාහනයකින් ගොස් පහර දුන්නා .එම සුදුසුකම් තියෙන පොහොටුවේ කොල්ලො පිරිසක් ගත්තම සියයට සියයක් සාර්ථකව වැඩේ කරන්න පුළුවන්. මහින්දගෙ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා අනිවාර්යයෙන් ගන්න ඕන