
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට පිවිසීමේ දී මන්ත්‍රීවරුන්ගේ ඇඟපත අතගා පරික්ෂා කිරීමට තීරණයක් ගෙන තිබෙන්නේ කවුරුන් හෝ බෝම්බයක් වත් ගේනවා කියා බුද්ධි තොරතුරක්වත් ලැබුණු නිසා දැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා(සජබ)පාර්ලිමේන්තුවේ දී විමසීය.
"පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් යැයි කියා අපගේ මේසය මත ලියැවිල්ලක් තබා තිබෙනවා. ආරක්ෂාව වැඩි කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ ශරීරය පරික්ෂා කරන බව එහි සඳහන්ව තිබෙනවා.
ලෝකයේ නවීන තාක්ෂණ ක්‍රම තියෙනවා. කොහේවත් ශරීරය අතපත ගා බලන්නේ නැහැ.ඇඟ අතපත ගාන්නේ නැතිව පරික්ෂා කරන්න ක්‍රමවේදයක් ඇති විය යුතුයි. පාර්ලිමේන්තුව උත්තරීතර තැනක්.එකවර මෙවැනි පියවරක් ගන්නේ කවුරුන් හෝ බෝම්බයක් ගේනවා යැයි කියා බුද්ධි තොරතුරක්වත් තියෙනව ද? එසේ නම් අපත් ඒ ගැන දැනුවත් විය යුතුයි.මේවා හංගාගෙන කරන්න එපා".
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:-
මේ ආරක්ෂාව සඳහා කතානායකතුමා ගෙන තිබෙන තීරණයක්. ඒ ගැන අවධානය යොමු කරන්නම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ත්‍රී පාර්ශවයේ අයගේ ඇඟපත අත ගානවා නම් වෙන මොකක් හරි හේතුවක් නිසා වෙන්න පුලුවන්.. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ පිරිමි අයවත් අතපත ගාලා බලන එකනේ. කියන්න බැහැ සමහර දේශපාලුවන් ගාව සෙල්ලම් පිස්තෝල තියෙනවද කියලා කවුද දන්නේ...
අපිට කියපු දේවලුයි, කරන දේවලුයි හින්දා ස්ත්‍රී, පුරුෂ භාවයක් නොමැති උදවියද කියලා සැකහැර දැනගන්න..
කිචි තියෙනවද බලන්ඩ වෙන්ඩැ.නැතුව ඉතින් අහවල් දේකටද?
හරි නම් අතගාන්න ඕනි ඔලුව.
ඔවුන් කෝවිඩ් 19 වෛරසය සහිත විරුද්ධ පුද්ගලයින් ආසාදනය කිරීමට උත්සාහ කරනු ඇති අතර මෙය මිනිසුන්ගෙන් මිදීමේ ක්‍රමයක් විය හැකිය.
නිතිය සියල්ලටම එක සමාන විය යුතුයි. පාර්ලිමෙන්තු මන්ත්‍රි කියල වෙනම නිතියක් නැත. මොහුන්ගෙ තමයි මුලු ශරීරයම පරාකෂා කරන්නම ඕන. මෙි රටෙ වෙන සැම නිති විරොදි වැඩකටම මේ 225 සම්බන්දයි.
අනේ, පාර්ලිමේන්තුවේ ජෙප්පන් බෝම්බ පුපුරවලා තමයි ජේ.ආර්. මේසයට රිංගුවේ. ඇතුළත්මුදලිට ලොකු අකරතැබ්බයක් වුනේ... එතකොට ඔහේ කොහේද හිටියේ? බලාගෙන ජෙප්පන් මහා අමාරුකාරයින්...