
(නිමන්ති රණසිංහ)
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 750 ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02) නියෝග කළේය .
මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් නොමැතිවීම හේතුවෙන් සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නෙය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේෂල සහ පූර්නිකා ඇරෙට්ස් නොකරන්නේ ඇයි ?උන් දෙන්නත් සම්බන්දයි කියලා ඔක්කොම කට්ටිය කියනවා
ප්‍රශ්නයක් නැහැ ආපහු පන්සලට එර්දියෙන් වඩියි…. සාදු… සාදු… සා…..!
යම් භික්ෂුවක්, භාණ්ඩ, සේවා, මුදල් හෝ මූල්‍ය වටිනාක්මකින් තක්සේරු කළ කුමන හෝ ආකාර සේවාවක්, ද්‍රව්‍යයක්, භාණ්ඩක් හෝ හිමිකරු වෙතින් පසුව වටිනාකම පියවීමේ අභිලාශයෙන් ගැනුම් කරු වෙනුවෙන් ඇප වී අර ගෙන දෙන්නේද, ගැනුම් කරු තමන් විසින් ලබා ගත් දෙයහි එකඟ වූ වටිනාකම ගෙවන තාක් ඒ සදහා ඇප වූ භික්ෂුව ඒ වටිනාකම පිය වීමට බුදු විනය අනුව බැදී සිටී. මෙයට විනය පාලියේ "භණ්ඩදෙය්‍ය" යන වචනය භාවිතා කෙරේ. මෙහි පැහැදිලි තේරුම හිමි කරුට වූ අලාභය ගෙවීට බැදි සිටින බවය. භණ්ඩදෙය්‍ය වූ භික්ෂුව ගෙවීමට ඇති වටිනාකම උපසපන් භික්ෂුවක් පාරාජිකාට පොහෝනා පමණ වන වටිනාකම නම්, එකී වටිනාකම ගෙවීමට හිත ඇති තාක් පාරාජිකාපත්තියට පත් නොවේ. පාරාජිකා යනු උපසපන් බව විනාශ වී භික්ෂුත්වය නැති වීමය. භික්ෂුව ද නොදීමේ චේතනාව ඇතිව හිමිකරු ද වටිනාකමේ අයිතිය ගැනුම් කරු සහ ඇපකරු ගත් වටිනාකම නොදෙන්නේයැ'යි සිතින් අත් හැරි විගස භික්ෂුත්වය නැති වේ. පාරාජිකා වේ. මේ භික්ෂුව ගැන පැවිදි උපාද්‍යාය ගුරු හිමියනුත් අදාළ නිකායේ මහා නායක ස්වාමින්ද්‍ර හිමියන් ඇතුලු සංඝ සභාව විසින් සොයා බලා මෙවැනි භික්ෂූන් කෙරෙහි, ජනතාව කෙසේ පිළිපදින්නේනේදැයි රටට කීම ඇවැසියි.
මෙවැනි ක්‍රියාවන්තට හවුල් වෙන චීවරධාරීන් එළවා ශාසනය පිරිසුදු කිරීම බුද්ධ ශාසන අමාත්‍යංශයේ සහ මහ නායක හිමියන්ගේ වගකීමක්. හාමුදුරුවරුන්ට ව්‍යාපාර කිරීම, දේශපාලනය කිරීම වැනි දේවල් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි.
බුද්ධ සාශනයේ ගෞරවය රැකගන්න නම් සිවුර ගලවා ජම්පරයක් ඇන්දවිය යුතුයි.
It’s high time to conduct “ Dharma Sangaayanawa” in Sri Lanka as soon as possible to chase away all “” Dusseela “ monks from monks fraternity.
අපොයි සංඝ සාසනේ!
වරදකින් නිදහස් වෙනකල් රජයේ සේවකයින්ගේ වැඩ තහනම් කරනවා වගේ මේ උන්නාසේලත් වරදින් නිදහස් වෙනකල් චීවරය අයින් කරලා හිමි කියන කෑල්ල අයින් කලා නම් නරකද ?
මෙයා කිව්වා තමා මාර්ග ඵලයක් ලැබූ අයෙක් කියලා බන්ධනාගාර බසයෙන් සිරගත වෙන්න මාර්ගය සොයගත් නිසා ඒක ඇත්ත .මෙහෙම අය වහාම සාසනයෙන් පලවා හරින්න ඕන .ඇත්තටම වර්තමානයේ දකින්නට පුළුවන් දෙයක් තමයි සාසනය විනාශ කරන්න කාන්තාවන් බොහෝවිට කටයුතු කිරීම උදා කිසියම් හාමුදුරුවෝ කෙනෙක් දක්ෂ ලෙසට වැඩ කරගෙන පෙනුමට ඉන්නවා නම් අවිවාහක කාන්තාවන් බලන්නෙ කොහොම හරි උපැවිදි කරගෙන ඔහු සමග විවාහයක් කර ගැනීමට තමයි මෙහෙම සසුනේ පිරිහීම කොසොල් රජු දුටු සිහින ගැන විවරණය කරද්දී බුදුහාමුදුරුවෝ පැහැදිලි කලා.ඉන් පසුව 1972.02.17 දින ගෝචර ඵල සහ ග්‍රහ රාශි චාරය පොත ලියූ බණ්ඩාරවෙල S W කස්තුරිරත්න මැතිතුමාගේ පොතේ 21වැනි ශත වර්ෂය ගැන ලිපියේ සදහන් කරලා තියෙනවා .(පොතේ 14 පිටුවේ සිට 19 පිටුව දක්වා බලන්න) මහානායක හිමිවරුත් බුද්ධ ශාසන ඇමතිවරයාත් ඒ ගැන අවධානයට ගෙන ප්‍රතිකර්ම යෙදුවොත් හොදයි
ඉන්ජෙක්ෂන් ගහගෙන සුදු වුනා කියන එක ඇත්තද අපේ හාමුදුරුවනේ .
මුන් පස්සෙන් යන හරක් රැළත් අල්ලලා ඇතුළට දැම්ම නම් හරි.
හොරට සිවුරු දාගෙන ඉන්නෙ, රෑට කලිසම් ඇඳල තොප්පියක් දාගෙන වාහන එලෝන හොරෙක්. උතුම් සිවුරට අගවුරව කරන කෙනෙක්. සිවුර ගලෝ ල දාන්ඩ ඔනෙ.
මෙවැනි වචන වලට හවුල් වෙන, ලොකු කුඩා ව්‍යාපාරය කරන, පිරිත් සහ දාන වලට සහභාගී වෙන මුදල් අයකරන ( මගේ වියදම් හැර) දුස්සීල චීවරධාරියෝ පිට දැකීමටත් දුටු තැන ඔවුන් කරන වැරදි විවේචනය කිරීමත් පුවැසියන් ඉදිරිපත් වෙන්න ඕනි. බුද්ධ සාශනය ආරක්ෂා කරගන්න ඕන නම්.
රක්ෂිත බන්නාධගාර ගත කලත්, අනෙකුත් චීවර කාරයින් සමග සැසදීමේදී ලාංකික සමාජයට හා බුද්ධ ශාසනයට අවම හානියක් කල සිවුරු දරන්නෙකු ලෙසයි මම නම් දකින්නේ. මොනා උනත්, තිලිණි ප්‍රියමාලි මැතිනිය තමයි හොරුන්ට නියම මාර්ගය පෙන්වුයේ..
රිමාන්ඩ් නොවෙයි එල්ලුම් ගස් යැව්වත් කමක් නැත.