
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී 2015 ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙක් එම දඩුවම ඉවත් කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු ඇති අභියාචන පෙත්සම් විභාගය අද (08) අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරිණි.
මෙම අභියාචන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරු සිංහ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී විත්තිකාර අභියාචකයන් වන නිලන්ත ජයසිංහ, සහ වජිර දර්ශන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරු සිය කරුණු දැක්වීම් සිදු කළහ.
අභියාචනා පෙත්සම් පිළිබද වැඩිදුර විභාගය ලබන 25වැනිදා ට කල් තැබීමට අභියාචනාධිකරණය නියම කෙරිණි.
2015 වර්ෂයේ ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලූ විත්තිකරු වන් තිදෙනෙකු ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.
එහි තීන්දුව 2020 ජූලි මස 31 ලබා දෙමින් රත්නපුර මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් වැරදිකරුවන් බවට තීරණය කරමින් මරණ දඩුවම නියම කළේය.
එකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා මෙම පෙත්සම ගොනු කළහ.
අභියාචන පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි, අනූජ ප්‍රේමරත්න, නීතීඥ බුද්ධික චන්ද්‍රසේකර, යන මහත්වරු පෙනී සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ සුදර්ශන සිල්වා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න දෙයක් නෑ... තීන්දුව නිදොස් කොට නිදහස් කරමි..
ආයේ වෙන මොනවා කියන්නද? චොකා මලයා කොකා පෙන්නලා හරි ඉක්මණට නිදහස් වෙයි වගේ... පහුගිය කාලේ කී දෙනෙක් කියලා නිදහස් කෙරුවාද?
මේ දවස්වල ‘‘නිදොස්, නිදහස්‘‘ බෙරපදේට නම් නටන්න බැහැ...
අවසාන තීන්දුව පැහැදිලියි. හැමදෙයක්ම රිවස් වෙන එකේ මේවට පුදුම වෙන්න ඕන නැහැ..
එක රටක් එක නීතියක්. අනේ හපොයි...
රටේ සාමාන්‍ය ජනයාටත් දැන් පේන කියන්න පුළුවන්. මේ නඩු තීන්දුව. මැරුණු කෙනා. තමාටම වෙඩි තියාගෙන. මෙය නිදොස් කොට නිදහස් වෙයි
ප්‍රේමලාල් නිදහස් වෙනවා මොකද කියන්නේ අල්ලමුද ඔට්ටුවක්.
ඔව් ඔව් ලොක්කාගේ සපත්තු ලෙව කාලා හරි වැඩේ ගොඩ දා ගනී.උන්ගේ ආණ්ඩුව නේ .අනිත් එක මේ නීතිපති ට නඩු විසි කිරීමේ ඔලිම්පික් ශුරතාව දෙන්න වටිනවා කරන කෙරුවාවට .කට්ටිය කිරිබත් කන්න ලෑස්ති වෙන්න ඉතින් .හැබැයි තමන්ගේ හෘද ශාක්ෂියෙන් කවදාවත් ගැලවීමක් නැහැ කියලා මතක තියා ගන්න