
(යොහාන් භාසුර)
දුම්රිය ගමන් වාර සංඛ්‍යාව සීමා කිරීමට සහ කුඩා දුම්රිය ධාවනයේ යෙදවීමට බලධාරීන් උපදෙස් දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පවසති.
පිට පළාත්වලින් කොළඹ පැමිණෙන ජනතාවගේ සංඛ්‍යාව සීමාකිරීමට ආණ්ඩුව මෙයින් බලාපොරොත්තු වන බව කියන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ එම උපදෙස් අනුව තනි දුම්රිය ධාවනයේ යෙදවීමට කටයුතු කළ බවත් සඳහන් කළහ.
ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා අද (1) පස්වරුවේ ධාවනය කළ තනි දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන්ම ජනතාව පිරීම නිසා දැඩි අපහසුතාවට පත්වූ අතර මේ හේතුවෙන් මගී ජනතාවට මරදාන සිට ඉදිරි දුම්රිය ස්ථානවලින් දුම්රියට ගොඩවීමට නොහැක්වූ බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට පලාත් වලින් කොළඹට එන සෙනග සීමා කිරීමට කොළඹින් පිටවෙන්න කුඩා දුම් රියන් යොදවන්න උපදෙස් දුන්නේ අර මාසෙකට සැරයක් ඇවිත් "බැරි අය අස්වෙලා යන්න" කියන අවුරුදු තිහක් විතරම ඉංජිනේරු උපාදි අපෙක්ශක කියලා භාවිතා කරන මහත්තයද නැතිනම් CGR එකේම පට්ට බ්‍රේනි නිලදාරී තුමන්ලාද ?
ඕක ඉතින් කවදත් මෙහෙමයි. මගීන්ට ප්‍රමාණවත් දුම්රිය නෑ . රජය නම් කට කයිවරු ගහනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව පියවරක් ගන්න ඇමතිටවත් බෑ.
අපේ මව්බිමේ තවත් කාලකණ්ණි රජයේ සේවකයෙක්. රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම පුද්ගලයින් වැඩ කරන බව ඔවුන් නොදනී.