(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12 ත් 20 ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරින බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා පැවසීය.
බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුමකරුවන් ඉදිරිපත් නොවීම සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිළිබඳව උද්ගත වී ඇති තත්වයට හේතුව බව කී උවයිස් මහතා ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළ යෑමෙන් නිර්මාණය වී ඇති අවිනිශ්චිතතාවය සහ ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුද මෙම තත්වයට බලපා ඇතැයි ද සඳහන් කළේය.
භුමිතෙල් හිඟයක් ඇතිවුවහොත් ආනයන කර ජනතාවට බෙදාහරින බවත් උවයිස් මහතා වැඩි දුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඉන්ධන මිල නිසකම වැඩි වීමත් කාගේ හරි සාක්කුවකට ලොකු කොමිස් මුදලක් යාමත්.
දින 12 ත් 20 ත් අතර කාලයකට අවශ්‍ය ඉන්ධන තියෙනවා අවශ්‍ය වුනොත් පිරිපහදු කල ඉන්ධන ආනයනය කරනවා කියන්නෙ දින 20 කට පසු ඉන්ධන අනවශ්‍ය බවක් එහෙනම් දින විස්සකට පස්සෙ රටට වෙන්නෙ මොකක්ද කියන්න.
සැපයුමකරුවන් ඉදිරිපත් නොවීමට හේතුව ආණ්ඩුව බංකොළොත් වෙලා. ඩොලරුත් නැහැ.. අය වැය කියවීමේදී දැක්කා නේද මුදල් ඇමතිගේ අපහසුතාවය...? ඉතින් කොහොමද රට හදන්නේ...?
ලැජ්ජයි යකුනේ... සෝමාලියාවත් පහුකරගෙනම සර් හොඳටම කරගනියි.
ආනයනය කරන්න ඩොලර් තියෙනවද?
බොරතෙල්වලින් කොමිස් ලැබෙන්නේ නැහැ වගේ...!
බොර තෙල් ගන්න මුදල් නැත්නම් පිරිපහදු කල තෙල් ගන්න සල්ලි තියෙයිද ?විකාර
පිරිපහදු කළ තෙල් ආනයනය කරන්න...? මේ මොන වැල් බයිලාවක්ද? බොරතෙල් ගණන් සල්ලි නැතිව පිරිපහදු තෙල් ගන්නේ ඔලුගෙඩියක් දීලද? අනිත් එක එව්වා ආනයනය කරලා දෙන්න ගියාම විකුණන්නේ කීයටද?