බිඟුන් මේනක ගමගේ
ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශන වාර්තාවක් සකස් කර රාජ්‍ය සේවා කොමිසමට යවා ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කෙරුණු පැමිණිලි කීපයක් මත අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ නියෝගයක් අනුව මෙම විමර්ශන වාර්තාව සකස් කෙරුණේ යැයි ද ඔහු කීය.
ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු 46ක් සීමිත ප්‍රවාහය ඔස්සේ සම්පූර්ණ කිරීම සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් 8 හා 14 යන දෙදින මෙම ලිඛිත පරීක්ෂණය පැවැත්විණි.
ලිඛිත පරීක්ෂණයෙන් ඉහළ ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුවක් පසුව ජූලි මස 6 වැනිදා රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එකී අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කළේය.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ සම්මුඛ පරීක්ෂණ රාජ්‍ය සේවා කොමිසම විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd