( තිලකරත්න දිසානායක)
සෞඛ්‍ය සේවාවෙහි සියලු වෘත්තීන් සලකා තීරණ නොගැනීම සහ අසමාන සැලකීමට එරෙහිව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් අංශයන්හි කාර්ය මණ්ඩලය අද (3) උදෑසන සිට සේවා කටයුතුවලින් ඉවත්ව සිටීම හේතුවෙන් රෝගීන් ඇතුලු ජනතාවට අපහසුතාවයකට පත්වීමට සිදුව තිබිණි.
මේ හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශයන්හි ඖෂධ නිකුත් කිරීමේ කටයුතු සහ පරීක්ෂණ අංශයන්හි කටයුතු මෙන්ම එන්නත් කටයුතු සහ පී.සී.ආර් පරීක්ෂණ කටයුතුවලටද බලපෑමක් එල්ලවී තිබූ ආකාරයක් දක්නට ලැබිණි.
ස්ථාන කිහිපයක කොවිඩ් එන්නත්කරණ කටයුතු සහ පී.සී.ආර් සාම්පල ලබා ගැනීමේ කටයුතුවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්ව සිටි ආකාරයක්ද දැකගත හැකි විය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සිය රාජකාරී කටයුතුවලින් වැලකී සිටීමෙන් කොවිඩ් එන්නත් ලබාදීම ඇතුලු කටයුතුවලට යම් බලපෑමක් සිදුව තිබීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති සමින්ද සමරදිවාකර මහතාසදහන් කර සිටියේ, පවතින ගැටළුවලට විසදුම් නොලැබුණහොත් ලබන 5 වෙනි සදුදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට තම තම මව් සංගමය තීරණය කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පරිපුරක වෛද්‍ය සේවාවේ වර්ජනයෙන් ජනතාවට අපහසුතා