(යොහාන් භාසුර)
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් රටපුරා සියලු රෝහල්වල අද (24) පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
පිළිකා ආයතනය, මාතෘ සහ ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතන වර්ජනය ක්‍රියා මාර්ගයකට සම්බන්ධ නොවන අතර එම ආයතනවල නිලධාරීන් ස්වේච්ඡාවෙන් එම ආයතනවල සේවාවේ නිරත වනු ඇති බව ද කුමුදේෂ් මහතා සඳහන් කළේය.
එම වැඩ වර්ජනය අද පෙරවරු 8.00 සිට හෙට (25) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වන බවත් මෙම වර්ජනයට විකිරණ තාක්ෂණවේදීන් වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, භෞතචිකිත්සක වෘත්තිකයන් සහ වෘත්තිය චිකිත්සක වෘත්තිකයන් යන වෘත්තීය සංගම් 5 සභාගී වන බවත් කුමුදේෂ් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩ්ඩුන්ව අමාරුවේ දාන්නේ නැතුව,පාර්ලිමේන්තුව වටකරපල්ලා නැත්නම් සෞඛ්‍ය අමතියාගේ ගේ වටකරපල්ලා
මෙයාලා කොහොමත් වැඩ නෙවෙයි වැඩ වර්ජන කරන්නනෙ ඇවිත් කියෙන්නේ. වෙන රටකනම් මේ වෙනකොට කට්ටියම ගෙවල්වලා. අපේ රටේ එහෙම නීති කොහෙද. රටේ සල්ලි වලින් ඉගෙනගෙන , පඩි අරගෙන ආපු දවසෙ ඉඳන් වර්ජන