IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ප්‍රධාන මාර්ග කිලෝමීටර් 247ක් කැඩිලා

(අංජුල මහික වීරරත්න)

ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදී හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව දී කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්  පාලම් සහ මහාමාර්ග සම්බන්ධ තොරතුරු සහ ඒවා පිළිසකර කිරීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

නායයෑම්, ජල ගැලීම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වී ගොස් තිබෙන පාලම් සහ මහාමාර්ග පිළිසකර කිරීම, ඊට ගත වන කාලය සහ අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම් සම්බන්ධව  මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට A සහ B ශ්‍රේණියේ කිලෝමීටර් 247ක් පමණ වන මාර්ග හානියට පත්ව තිබෙන බවත්, පාලම් 40ක් විනාශ වී ගොස් ඇති බවත් මෙහිදී පෙන්වා දුන් අමාත්‍යාංශ නිලධාරීහු, කැඩී ගිය මාර්ග කොටස් 256න් 175ක් මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර තිබෙන බවද සඳහන් කළහ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු,  මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 



අදහස් (0)

ප්‍රධාන මාර්ග කිලෝමීටර් 247ක් කැඩිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site