
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාතර මහ රෝහලට ගිය මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියට ප්‍රතිකාර ලබා නොදී සිර කර තබා ගැනීමේ සිද්ධියට විරෝධය පල කරමින් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනය කරමින් අද විරෝධතායක නිරත වූහ.
මේ නිසා සේවා ලබා ගැනීමට පැමිණී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේය.
විරෝධතා පා ගමනකින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි සේවක සේවිකාවන් මෙම ගැටලුවට සාධාරණ විසදුමක් ලබා දෙන ලෙසට මාතර මහ දිසාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව නියෝජිතයින් කිහිප දෙනකුට මාතර මහ දිසාපති වයි.වික්‍රමසිරි මහතා හමු වී සාකච්ඡාවක් කිරීමට අවසර හිමි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට රජයක් කියලා එකක් නැති වුණාම මෙහෙම වෙනවා...!
ප්‍රාදේශීය ලේකම්වරියක් නේද?