IMG-LOGO

පේරාදෙණිය සරසවි‍යේ සිසුන් 64කට කොරෝනා

(ෂේන් සෙනෙවිරත්න )

පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 64 දෙනෙකු කොරෝනා අසාදිත වීමෙන් විශ්ව විද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය  උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැති  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

විශ්ව විද්‍යාලය 100% ක් විවෘත කිරීම අපහසු බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් උපරිම සිසුන් සංඛ්‍යාව විශ්වවිද්‍යාලය තුළ රඳවා ගනිමින් අවශ්‍ය අධ්‍යයන කටයුතු වල යොදවන බවද නියෝජ්‍ය උපකුලපතිවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය උපකුලපතිවරයා මෙසේද සඳහන් කළේය.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සිසුන් දැනට මාස 03– 04 ක් තිස්සේ සාමාන්‍ය ආකාරයෙන් අධ්‍යන කටයුතුවල නිරත වෙනවා. සමහර සිසුන් කණ්ඩායම් මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතුවල යෙදෙනවා

කැඳවිය යුතුඅනෙක් සෑම කණ්ඩායමක්ම අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට කැඳවා තිබෙනවා .මේ වන විට සිසුන් 4,400 කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකාගාර වල රැඳෙමින් අධ්‍යයන කටයුතු වල නිරත වනවා . ප්‍රායෝගික පුහුණුවීම් හා විභාග කටයුතු සඳහා අවශ්‍ය සිසුන් කැඳවනවා .වෛද්‍ය පීඨයේ, දන්ත වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේසිසුන් ඔවුන්ට අවශ්‍යසායනික පුහුණුවීම් කටයුතු වල ද යෙදෙනවා .

රෝගය සිසුන් අතරසම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා අපගේ වෛද්‍ය පීඨයේ සුද්‍රජීවී විද්‍යා පිළිබඳ විශේෂඥයන් එකතුව කමිටුවක් සකසා තිබෙනවා . ඒ අය අපට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙනවා . ක්‍රීඩා පිටි, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, පවා එම කමිටුවේ මාර්ගෝපදේශයන්ට අනුව විවෘත  කර තිබෙනවා .

 



අදහස් (0)

පේරාදෙණිය සරසවි‍යේ සිසුන් 64කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site