
(ෂේන් සෙනෙවිරත්න)
කඩුගන්නාව ඌරාපොළ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ලබමින් සිටි 24 හැවිරිදි සිසුවකු මියගොස් ඇති බව පොලිසිය කියයි.
එම විශ්ව විද්‍යාල සිසුවා කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් විශ්ව විද්‍යාලය වෙත යමින් සිටියදී කොළඹ දිසාවට ධාවනය වූ වාහන ප්‍රවාහනය කරන තට්ටු ලොරියක ගැටීම හේතුවෙන් එම ස්ථානයේදීම සිසුවා මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අරනායක ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තිවංක පියතිස්ස (24) නැමැති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වෙනි වසරේ සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අවාසනාවන්ත මරණයක්... මේ ළමයාගේ දෙමව්පියෝ කොතරම් දුකක් විදින්න ඇතිද මේ තත්වයට ගේන්න... රිය අනතුරුවලින් මේ රටේ මැරෙන ගාන නවත්වන්න කවුරුවත් නෑ.
හැම අනතුරකටම වගේ දෙදෙනෙකු වැරැදි කළ යුතුයි. ඇත්ත ප්‍රශ්නය තේරුම් ගන්න අමාරු තරම්...
යතුරුපැදිකරුවන්ගෙ නොසැලකිලිමත් ධාවනය, ඉක්මන්කම, මාර්ගයේදී අනුන්ට ගරුනොකිරීම, තමන් වඩාත්ම අනාරක්ෂිත බව සිහිනොතබා කටයුතු කිරීම මෙම අනතුරු වලට වැඩිවශයෙන් හේතුවේ.
නිවන් සුව ලැබේවා