(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මෙම පනත් කෙටුම්පත පසුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුවත් අධිකරණ නිවාඩු කාලය ( court vacation) හේතුවෙන් පනත සම්බන්ධයෙන්
අධිකරණයට යෑමට බාධා මතුවන තත්වය සැලකිල්ලට ගෙන පනත ඉදිරිපත් කිරීම මෙසේ ප්‍රමාද කළ බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්, නීතිඥ සංවිධාන සහ නොයෙකුත් සිවිල් සංවිධාන කළ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන රජයක් විදියට ඒ තීරණය ගත් බව පැවසූ විජයදාස රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත මේ මස
අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ අනුව බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
මේ අතර මෙම පනත් කෙටුම්පතට විපක්ෂයේ දේශපාලන පක්ෂ, නීතිඥ සංවිධාන සහ නොයෙකුත් සිවිල් සහ බහුජන සංවිධාන දැනටමත් විරෝධය පළ කර ඇත. පනතෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් එල්ල වන බව එම සංවිධානවල අදහසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ, පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවකදී, එවැනි පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීම සඳහා නියම කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ස්ථාවර නියෝග 55(2) ප්‍රකාරව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා බලය ළඟ මොන කෙරුමත් සරැන්ඩර් ලොක්කෝ
මේ කඩිමුඩියේ මේ පනත සම්මත කරනවාට වඩා අවශ්‍ය බොහෝ දේ තිබේ.රටේ ලොකු පොඩි කාටත් එකසේ ක්‍රියාත්මක වන සේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිනම්,ඊට එහා ගිය පනත් අවශ්‍ය නොවේ.දුප්පත් කමට කරනා පුංචි හොරකමකට තදින් ක්‍රියාත්මක වන නීතිය රටම හොරා කා බංකොලොත් කළ හොරුන්ට මෙතෙක් කල් ක්‍රියාත්මක වූයේ නැත.රටක් දෙස බලන කළ,ජනමාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනිව ආත්ම ලාභය අරමුණු කර කරනා මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීම පිළිබඳව ක්‍රියා කිරීම වැදගත්.එසේම,සමාජ ජාල වල විනය විරෝධී හා සදාචාර විරෝධී දේට එරෙහිව පියවර ගත යුතුය.නිදහස අවශ්‍ය නමුත් වල්බූරු නිදහසක් අවශ්‍ය නොවේ.වල්බූරු නිදහස රටට ජනතාවට හානිකර බැවින් ඒවාට ද එරෙහිව පියවර ගත යුතුය.
මුඛවාඩම් බැද එකකු නසන කල දනිමු සුවහසක් යලි උපදින බව...
බලේ නැතිවෙයි කියල පුදුම බයක් තියෙන්නේද
කල් යයි නෙමේ විරෝධය හමුවේ අකුල ගත්තා
ඊළඟ පාරවත් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න.
ඊලග වතාවේ ගෙදර ඉන්න පුරුදු වෙන්න විජේදාස..
ඩීල්දාස බයවෙලා වගේ? දීපු රාජ්‍ය ඇමතිකම බාර නොගත්තු තමුන්, පින් ජනපතිට පින්සිද්ද වෙන්ඩ ඇමතිකම ගත්තේ නිකම්ද ?
In order to turn upside down the topic for LG election postponement, this anti-terrorism act was brought before the people !
අනේ මේ ගොබ්බයා හිතන් හිටියේ ඌ හරි පොරක් කියලා.. ඔන්න දැන් නැට්ටේ ඉඳන්ම ගොම... එයාගේ ගොබ්බ පනතට GSP සහනය අයින් කරන්න හදපු නිසා වල්ගේ දෙපරැන්දේ ගහගෙන අකුලා ගත්තේ..., හිතන් ඉන්නේ අපිත් කන්නේ පුන්නක්කු කියලාද?