(ආරියරත්න රණබාහු)
යෝජිත ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැමි කරුණුවලට එකඟවිය නොහැකි යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවැසීය.
එම පනත් කෙටුම්පත සංශෝධනය කළ යුතු බවට ආණ්ඩුවේ සියලු දෙනා පොදු මතයක සිටන බව ද හෙතෙම කීවේය.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ බව පැවැසු අමාත්‍යවරයා මෙසේ ද කීය.
මෙම පනත් කෙටුම්පතේ මට එකඟ වන්න බරි සමහර දේවල් තිබෙනවා. එකක් තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයකුට රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම සඳහා ඇති බලය එය ඇමැතිවරයා යටතේ නැත්නම් අවම වශයෙන් ආරක්ෂක ලේකම් ළඟන් නවතින්න ඕනෑ. මේ සඳහා පුළුල් අර්ථකතනයක් දීම ඉතාම භයානකයි.
මේක හැමෝටම පොදුවේ කතා කරන්න පුළුවන් පිළිගතහැකි සාමාන්‍ය නීතියක් ලෙස යොදා ගැනීම නොවෙයි කළ යුතු්තේ. ත්‍රස්තවාදි අවස්ථාවක පමණක් නීතියක් ලෙස ගැනිමයි.ඒ මතයේ ඇපි හැමෝම සිටිනවා යැයි ද ඇමැතිවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අරගලයේ ප්‍රතිපලයක්. දැන් ටිකක් මෙයාට තේරිලා වගේ.
රනිල්ගේ නූල් සූත්තර ක්‍රම. ඇතුලෙන්ම සංශෝධන ගේනවා, පනත සම්මත කර ගන්නවා. විපක්ෂයට ලකුණු දාගන්න කිසිම චාන්ස් එකක් දෙන්නෙ නෑ.
මොනවා උනත් ඔබ, අර තමන්ගේ හා තමන්ට ඇමතිකම් දුන්න පැත්තේ අයගේ වාසියට නීතිය නමන්නේ යැයි කියන කෙනාට වඩා හොඳයි.
ඒකාධිපති ගමනක අවසානය බියකරු බව රාජයේ ඇමතිවරයෙකුටම තේරුම් ගිය එක හොඳයි. රනිල් කියන්නේ කිසිම දැක්මක් ඇති මනුස්සයෙක් නෙමෙයි.
ඇතැම් කරුණු පමණක් නොවේ, මේ පනතටම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය කිරීමක්...
නියම ත්‍රස්තවාදීන් ඉන්නේ ආණ්ඩුවේ. සුදු වෑන් ඝාතන අතුරුදහන් කරවපු අය,පාස්කු ප්‍රහාරයේ අලුමතින් බලයට ආපු දූෂිත බලලෝභී, දේශපාලුවන්, රටම හොරාකාලා විනාශ කරපු අය, පින් ජනපතියා ඔවුන්ව රකින්න හදනවා, ඒ මදිවාට ත්‍රස්ත පනත් ගෙනත් ජනතාව මර්දනය කරන්න හදනවා..