IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


‘‘ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි‘‘

(ආරියරත්න රණබාහු)

යෝජිත ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැමි කරුණුවලට එකඟවිය නොහැකි යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවැසීය. 

එම පනත් කෙටුම්පත සංශෝධනය කළ යුතු බවට ආණ්ඩුවේ සියලු දෙනා පොදු මතයක සිටන බව ද හෙතෙම කීවේය.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ බව පැවැසු අමාත්‍යවරයා මෙසේ ද කීය. 

මෙම පනත් කෙටුම්පතේ මට එකඟ වන්න බරි සමහර දේවල් තිබෙනවා. එකක් තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයකුට රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම සඳහා ඇති බලය එය ඇමැතිවරයා යටතේ නැත්නම් අවම වශයෙන් ආරක්ෂක ලේකම් ළඟන් නවතින්න ඕනෑ. මේ සඳහා පුළුල් අර්ථකතනයක් දීම ඉතාම භයානකයි. 

මේක හැමෝටම පොදුවේ කතා කරන්න පුළුවන් පිළිගතහැකි සාමාන්‍ය නීතියක් ලෙස යොදා ගැනීම නොවෙයි කළ යුතු්තේ. ත්‍රස්තවාදි අවස්ථාවක පමණක් නීතියක් ලෙස ගැනිමයි.ඒ මතයේ ඇපි හැමෝම සිටිනවා යැයි ද ඇමැතිවරයා පැවැසීය. 



අදහස් (6)

‘‘ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි‘‘

Hafeel Tuesday, 11 April 2023 05:26 PM

මේක අරගලයේ ප්‍රතිපලයක්. දැන් ටිකක් මෙයාට තේරිලා වගේ.

:       8       16

යෝගා Tuesday, 11 April 2023 06:06 PM

රනිල්ගේ නූල් සූත්තර ක්‍රම. ඇතුලෙන්ම සංශෝධන ගේනවා, පනත සම්මත කර ගන්නවා. විපක්ෂයට ලකුණු දාගන්න කිසිම චාන්ස් එකක් දෙන්නෙ නෑ.

:       1       5

Samitha S. Aluthgamage Tuesday, 11 April 2023 06:10 PM

මොනවා උනත් ඔබ, අර තමන්ගේ හා තමන්ට ඇමතිකම් දුන්න පැත්තේ අයගේ වාසියට නීතිය නමන්නේ යැයි කියන කෙනාට වඩා හොඳයි.

:       1       4

Rata Perata Tuesday, 11 April 2023 06:12 PM

ඒකාධිපති ගමනක අවසානය බියකරු බව රාජයේ ඇමතිවරයෙකුටම තේරුම් ගිය එක හොඳයි. රනිල් කියන්නේ කිසිම දැක්මක් ඇති මනුස්සයෙක් නෙමෙයි.

:       5       8

Sunil Wednesday, 12 April 2023 09:57 AM

ඇතැම් කරුණු පමණක් නොවේ, මේ පනතටම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය කිරීමක්...

:       1       1

ගමේ එකාලා Wednesday, 12 April 2023 04:59 PM

නියම ත්‍රස්තවාදීන් ඉන්නේ ආණ්ඩුවේ. සුදු වෑන් ඝාතන අතුරුදහන් කරවපු අය,පාස්කු ප්‍රහාරයේ අලුමතින් බලයට ආපු දූෂිත බලලෝභී, දේශපාලුවන්, රටම හොරාකාලා විනාශ කරපු අය, පින් ජනපතියා ඔවුන්ව රකින්න හදනවා, ඒ මදිවාට ත්‍රස්ත පනත් ගෙනත් ජනතාව මර්දනය කරන්න හදනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 164 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site