IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ප්‍රතිකාර ගන්න ආ කතකට දොස්තරගෙන් කරදරයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කහතුඩුව ප්‍රදේශයේ රෝහලකදී 26 හැවිරිදි තරුණ කතකට ලිංගික අතවර කළැයි කියන 40 හැවිරිදි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙකි.

පැමිණිලිකාර කාන්තාව ඇයට වැළඳී තිබූ රෝගයකට ඉකුත් 12 වැනි දින කහතුඩුව වෑතර දිසාරෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එදින වෛද්‍යවරයකුගෙන් ලද උපදෙස් අනුව මුත්‍රා සාම්පලයක් පරික්ෂා කරගෙන යළි 19 වැනි දින ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත පැමිණ ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. 

එම අවස්ථාවේදී බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරියක සිටියදී සැකකාර වෛද්‍යවරයා අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පසෙකලා පැමිණිකාරිය සන්තකයේ තිබූ වෛද්‍ය වාර්තා රැගෙන පරික්ෂා කර පැමිණිලිකාරිය පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා කාන්තා නිලධාරිනියක ද නොමැති කාමරයක් තුළට රැගෙන ගොස් පරික්ෂා කරන මුවාවෙන් තමන්ට කරදර කළ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

පැමිණිලිකාර කාන්තාවට අධිකරණ වෛද්‍ය පෝරම ලබාදීමෙන් පසු අද දෙපර්ශයේ කැඳවා විමර්ශනය කළ බවද පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (5)

ප්‍රතිකාර ගන්න ආ කතකට දොස්තරගෙන් කරදරයක්

පිස්සු ඩොකා Monday, 24 November 2025 09:51 PM

මේ වගේ හිවල්ලුන්ට දෙන්ඩ ඕන දඬුවම් ගැන අර වෛද්‍ය සේවය නංවන්න ගොම වෘත්තීය සමිතිය දීපු යෝජනාවලියේ නැද්ද?

:       0       9

ana Tuesday, 25 November 2025 08:36 AM

අනුරාධපුර ඔහොම සිද්ධියකට ස්ට්‍රයික් කළා නේද

:       0       11

fairoos Tuesday, 25 November 2025 11:50 AM

ඩොක්ටර්ට සිග්නල් එකක් දීලා ඇති නේද ?

:       0       2

කෞෂිTuesday, 25 November 2025 12:39 PM

සෙන්සඩයින්ලු දීල තියෙන්නේ.

:       0       10

Rata Perata Wednesday, 26 November 2025 01:07 PM

ඔන්න අර GMOA ත්‍රස්තවාදී සංවිධානයට වර්ජනය කරන්න පුළුවන් සිද්ධියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site