
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන අර්බුදය නිසා ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලය ඩොලර් 115 ක් දක්වා ඉහළ යාමට හැකි හෙයින් පැරණි මිලට ඇනවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
වර්තමානයේ පැන නැගී ඇති අර්බුද ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගැන මුදල් ඇමතිවරයා විපක්ෂයේ කල්තැබීමේ විවාදයට පෙර පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
වර්තමානයේ උද්ගතවී ඇති අර්බුද පිළිබඳව කරුණු දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
රජයේ මුදල් කාරක සභාවේ 120 වැනි වගන්තියේ දෙවැනි උප වගන්තියේ "ඉ" යන්න යටතේ පවත්නා වර්ෂය සඳහා වන විසර්ජන පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවක් ලබා දෙන්න.
ඊයේ රාත්‍රියේ රුසියාව යුක්රේනයට ඇතුළු වීමෙන් පසුව ලෝකයේ තෙල් බැරලයක් ඩොලර් 115 ක් වේවි.අපට දැනටත් මුදල් ගෙවන්න නොහැකි වී තිබෙනවා. දැනට පැමිණ තිබෙන නැව් දෙකට කෙසේ හෝ මුදල් ගෙවන එක හොඳයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් මෙයා රට වැටෙනකොට එකෙන් සතුටක් විඳින විපක්ෂයට වඩා නම් හොඳයි.
රජය, ගෝලීය ආර්ථිකය, දේශපාලනය පිළිබඳ මනා විශ්ලේෂණයක් සහ අවබෝධයකින් සිටීම වැදගත්වේ. ඉන්ධන මිල පමණක් නොව ගෑස් මිලද ඉහළ යනු ඇත.