අංජුල මහික වීරරත්න
පුළුල් දේශපාලන පෙරමුණක් බිහි කිරිමේ අරමුණින් පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනායට එකතුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය එම පක්ෂයට අනුමැතිය ලබා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවීම සඳහා යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළේය.
නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් කිරිම සඳහා ලබන (27) වැනි දා සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී විශේෂ හමුවක් කැඳවීමට ද තීරණය විය.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් එක්වු සියලු දේශපාලන පක්ෂ එකතු වන බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කියැවිණි.
මේ අතර ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස, උප නායක ලෙස රවී කරුණානායක මහත්වරුන්ට කටයුතු කිරිම සඳහා ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවිය.
ඉදිරි වසර සඳහා පක්ෂයේ සෙසු නිලධාරින් පක්ෂ නායකත්වය විසින් ඉදිරියේ දී පත් කරන බවද දැනුම් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2035 වෙනකම් නායකත්වය වෙනස් කරන්න හොඳ නැහැ. අගමැති 2035 ලු රටේ සියලු ණය පියවන්නේ.
ජය වේවා.!
තුන්දෙනාටම මම වෛර කොරන බැවින් ජාති ජාතිත් මම නුඹලාට ඡන්දය දෙන්නේ නැත.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නෙත් ඒගොල්ලෝම තමයි. ඉතින් මහා දැනමුත්තා මොනවද කියනේ එක ගෝලයෝ අනුමත කරනවා. යෝජනා කොරන්නෙත් මහදැනමුත්තා ස්ථීර කොරන්නෙත් මහදැනමුත්තා ගෝලයෝ හරිම කාලෝචිතයි කියලා අනුමත කොරනවා. නැත්තන් සියලු දෙනාම අනාථ කඳවුරේ කියලා දන්නවා. මහදැනමුත්තා කීවා පස්දුන්න නිසා පස්දුන් කෝරලේ උනා කීව ගෝලයෝ ඉහලින් අනුමත කොලා . රත්තරන් චෙන් බ්‍රේස්ලට් දෙනවා කීව ගෝලයෝ ඉහලින් අනුමත කලා. එජාපයෝ හෙවත් චක් ගෝලයෝ ගැන කියනුම කවරේද? අනේ මෙහෙව් රටක්.