(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් අරඹන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා මෙරට සිවිල් සංවිධාන සෘජුවම සම්බන්ධ කරගැනීමට තීරණය වී තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් මෙම තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම රැස් වූ අවස්ථාවේදීය.
2015 වසරේදී බල ගැන්වුණු යහපාලන ක්‍රියාදාමයට දායක වූ සියලු සිවිල් සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ද එක්කර ගැනීමට එහිදී තීරණය විය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මේ වන විටත් එක්ව සිටී.
ඊට අමතරව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා නායකත්වය දරණ නව සමසමාජ පක්ෂය වැනි දේශපාලන සංවිධාන ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට එක්කර ගැනීමේ අවශ්‍යතාවය ඉහත සාකච්ඡාවේදී පෙන්වා දෙනු ලැබීය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ දස දෙනෙකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයකින් ක්‍රියාත්මක වන අතර නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට නියමිතය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සිවිල් සංවිධාන එක්කර ගැනීමට අදාළ සාකච්ඡාව අද (7) සවස පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කර ගන්න දෙයක් නැහැනේ... වහෙන් ඔරෝ මොකටද? ඔය කියන සංවිධාන සේරම එක්සත් ජාතික පක්ෂය දිනවන්න කටයුතු කරන ඒවානේ...
ඔය පාර රොටිය පුච්චගන්න ලිප පත්තු කරන්නේ කවුද????????
ගම් පෙරළියේ පැණි බේරෙනවා. මොන අය සෙට් වුණත් ජනතාවට හුළං..
ඔය පෙරමුණට ජෙප්පොත් ඉන්නවාද? අනේ ජෙප්පෝ කලිසම් ඇඳගෙනද ඉන්නේ? 1971 - 1989 අන්නඩු පෙරලන්න විප්ලව කරලා රට අගාධයට දාලා දැන් ප්රජාතන්ත්රවාදය කතා කරනවනේ අම්මපා...