(නිමල කොඩිතුවක්කු)
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සඳහා ආගමික බලවේග, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සම්බන්ධ කරගැනීමේ සාකච්ඡා ජනවාරි පළමු සතියේ සිට ආරම්භ කරන බව මනෝ ගනේෂන් මහතා පැවැසීය.
එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අනුව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවා ගැනීමේ මූලික කටයුතු සම්පූර්ණ කරනු ලැබීය.
ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණේ ප්‍රධානතම දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීම යටතේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් නව පෙරමුණට මෙරට ප්රජාතන්ත්රවාදය අගයන සියලු බලවේග ඒකාරාශී කිරීමට පියවර ගන්නා බව ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය අපේක්ෂා කරන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන් නියෝජනය කරන ප්‍රබලම බලවේගය ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
උතුරේ පේදුරුතුඩුවේ සිට දකුණේ දෙවුන්දරතුඩුව දක්වා සිටින සියලු ජාතීන්ට අයත් ජනතාව ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ වටා මාස හයක කාලයක් ඇතුළත පෙළගැස්වීමට ක්‍රියාකරන්නේ යැයිද ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට ඉතිරු කාලෙත් මේ සෙල්ලම්ද පෙන්නන්නේ...
ඔක්කොම ගෙදර යවන්න එකක් හොදාගන්න...
විකාර වැඩ. අනික දැන් මැති ඇමතිලා කලබලේට දිවුරුම් දුන්නා තියෙන තන්හාව නිසා... හැබැයි තවම අරයා ගැසට් කරලා නෑ විෂයයන් මොනවද කියලා... නිකමට හරි ගැසට් නොකළොත් මාස ගානක් යනකන් යූ.එන්.පී එක අායෙත් ඉවරයි. අනික මහන්සි වූ රන්ගේලාට, ෆොන්සේකලාට ඇමතිකම් දෙන්නේ නෑ කියද්දී අර රනිල්ම ඕනෑ කියලා සටන් කරපු විදියටම සටන් කරන්න බැරි වුනේ තියෙන තණ්හාවට නේ...
ඕවාගෙන් වැඩක් නැහැ ජනතාවට... වැඩිකළොත් ජනතාව තීරණය දෙයි. ජනතාවට හූනියම් කරන්න එපා..
ජපානෙ වගේ රටවල් ආදර්ශයට ගන්න. කොයිතරම් දියුණුද? ඒකට ලංකාවේ අය... බයිලා ගහනවා විතරයි.
මොන නමින් ආවත් ජනතාව දැන් දන්නවා මැතිවරණ වලට මුහුණ දෙන්න බය අයට දෙන්න ඕන පිළිතුර......
දේශපාලනයට ආගමික සංවිධාන ගාවාගන්නේ මොන කෙහෙල්මලකටද? දැනටමත් මේක වසංගතයක් වෙලා තියෙන්නේ. ගනේෂන් මහත්තයෝ! ඔයාට ආගම ඕනේ නම් පල්ලියක් හරි කෝවිලක් හරි අල්ලාගෙන යාඥා කරන්න හැබැයි අපේ පන්සල බේරලා... හොඳේ?
රජා ඕනෙ කිව්වා. ඔන්න දුන්නා. දැන් වැඩ කරන්න පණ නැද්ද? ලැජ්ජාවක් නැති වැඩ කරන්න එපා...
අසරණ වටු කම්කරු වැටුප වැඩි කරන්න කියලා. ඒවට විසඳුම් නැහැ. දොදොල් හැඳි ගාන්නද හදන්නේ?
ජනතාව බලන්නේ පක්ෂෙ නෙමෙයි. කවුද රට දියුණු කරන්නේ කියලයි.... ගෙවුණු වසර 3 දිහා බැලුවම... ජනතාව කළකිරීමෙන්... පාට වෙනස් කළාම ඒකද විසඳුම?