(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය, ගාලුමෝදර සහ දිවයින පුරා ඉකුත් 9 ප්‍රචණ්ඩ ක්‍රියාවන්වලට නිරතව සැකකරුවන් 230 මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
මනුෂ්‍ය ඝාතනයන්, පුද්ගලයන්ට පහරදීම් , බරපතල තුවාල සිදුකිරීම් , නිවාස ,වාහන , ව්‍යාපාරික ස්ථානවලට පහර දීම සහ ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව හෙතෙම කීය.
මෙම පිරිසෙන් 68 දෙනකු රිමාන්ඩ් භාරයේ පසුවන බවද හෙතෙම කීය.
මෙම කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 702 ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නිර්පාක්ෂික සාමකාමී අරගලයට ගහපල්ලා කියපු අය ගැන හෝ ගහපු අය ගැන වගක්වත් නැත්තේ මොකද දන්නේ නැහැ නේද?
සුනාමිය වෙලාවේ ගේම දීපු කට්ටියමයි, ඔවුන් මේවා මංකොල්ලයක් කරගන්නවා.
ඔය විනාශය වෙන්න මුල් වුණු හේතුවට සම්බන්ධ අය නිර්දෝෂයිද?
එක හොදයි. හැබැයි ගෝල්ෆේස් එකේ ඔලු පලාපු සනත් නිශාන්තලත් අල්ලන්න ඕන. අර අන්තරේ ලොක්ක කියනවා වගේ එක කොටසක් අල්ලලා රට හැමතැනම ගිනි තියපු එවුන් නිදහස් කරලා බැහැ. මේ වෙච්ච විනාසෙට වන්දි ගන්නත් ඕන. ඕව අරගල නෙමෙයි සම්පුර්ණ මංකොල්ලයක්
එක රටක එක නීතියක් ලූ... එහෙම නම් නිර්පාක්ෂික ,නිරායුද අරගලකරුවන්ට අමානුෂික ලෙස පහර දෙන්ඩ මුල්වූ දුශිත දේසපාලුවෝ ,උසිගන්වපු එවුන් පහර දීපු උනුත් අත් අඩන්ගුවට ගතයුතුයි .