
(ක.ග.කරුණාරත්න)
මෙවර යල කන්නයේ වී වගාව සඳහා පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීම සුබ මොහොතින් අද (01) ආරම්භ කල බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
මේ වනවිට පරාක‍්‍රම සමුද්‍රයේ අක්කර අඩි 1,14000ක් ඉක්මවන ප‍්‍රශස්ත ජල මට්ටමක් පවතින බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා ප‍්‍රකාශ කරයි.
ඒ අනුව සියයට සීයක් වී වගාව සඳහා ජලය නිකුත් කෙරෙන බවද ඒ මහතා සඳහන් කරයි.
මෙවර යල කන්නයේ පරාක‍්‍රම සමුද්‍රය යටතේ වගා කෙරෙන මුළු කුඹුරු බිම් ප‍්‍රමාණය අක්කර 25,000 ඉක්මවන බවද වාරිමාර්ග නිලධාරීහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු, සාදු, සාදු... අපගේ මව්බිමට සෞභාග්‍යය උදාවේවා..!!!